Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ කෘත‍්‍රිම ධාවන පථය අබලන් තත්ත්වයකින් පැවතියත් එහි පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේදී ධාවන ඉසව් රැසකින් නව වාර්තා පිහිටුවීමට පාසල් ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවෝ සමත්ව සිටිති.
තරගාවලියේ සිව් වැනි දිනය වූ අද (11) තරග නිමා වන විට නව වාර්තා 24 ක් පිහිටුවා තිබුණු අතර, ඉන් 16 ක්ම ධාවන ඉසව් වෙතින් වීම කැපී පෙනුණි.
කොළඹ සුගතදාස පිටියේ කෘත‍්‍රිම ධාවන පථය මේ වන විට දැඩි ලෙස අබලන් තත්ත්වයට පත්ව තිබෙන බැවින් මේ වන විට ජාතික මට්ටමේ මලල ක‍්‍රීඩා තරගාවලි වැඩි ප‍්‍රමාණයක් දියගම ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට මලල ක‍්‍රීඩා තරග සංවිධායකයෝ උනන්දු වී සිටිති. එසේ වුවත් එහි කෘති‍්‍රම ධාවන පථයේ තත්ත්වය ද මේ වන විට පවතින්නේ අසතුටුදායක මට්ටමකිනි. තැන තැන කඩතොලූ විම් දියගම ක‍්‍රීඩාංගණයේ සුලබ දසුනකි.
සුගතදාස ක‍්‍රීඩාංගණයේ අසතුටුදායක තත්ත්වය නිසා මේ වසරේදීත් සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා තරගාවලිය දියගම ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය කෙරුණි.
පිටියේ ඉසව් වෙතින් බිහි වූ නව වාර්තා අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ විෂාදි අබේරත්න දුර පැනීම වයස 17න් පහළ බාලිකා ඉසව්වෙන් පිහිටුවූ නව වාර්තාව කැපී පෙනුණි. එහිදී විෂාදිගේ දස්කම් මීටර් 5.98 කට විහිදුණි. එය වසර 19 ක එහි පැරැණි වාර්තාව බිඳ වැටීමකි.
1996 දී එවකට ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විදුහලේ සිසුවියකව සිටි, පසුව ජාතික ශූරියක් බවටද පත්වූ අනෝමා සූරියආරච්චි එහි පැරැණි වාර්තාව 1996 දී පිහිටවූයේ මීටර 5.85කටය.
සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේ සමාප්ත උත්සවය හෙට (12) පස්වරුවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
අවසන් දිනයේ ඉසව් අවසන් තරග 25ක් පැවැත්වෙන බව තරගාවලියේ නියෝජ්‍ය ලේකම් ලක්ෂ්මන් හපුආරච්චි මහතා පවසයි.
ගියවර (2014) තරගාවලියේදී බිහිවූ නව වාර්තා ගණන 15 කට සීමා විය.
ඊයේ සහ අද (10-11) නව තරග වාර්තා
ඡායාරූප - සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.