Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිල්හානිට කොරියාවේදී රන් පදක්කමක්

දිල්හානිට කොරියාවේදී රන් පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරියාවේදී ඊයේ (3) නිමා වු මොක්පෝ ජාත්‍යන්තර විසි කිරීමේ ඉසව් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසි කිරිම කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය. දිල්හානි මීටර 56.52 ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනා ගත්තාය.

මෙම තරගාවලියේදී හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වට සහභාගි වු ශ්‍රී ලංකා ක්‍රීඩක සම්පත් රණසිංහ රිදී පදක්කම දිනා ගත්තේ මීටර 76.53 ක දස්කමක් දක්වමිනි. සම්පත්ගේ හොදම දස්කම වාර්තා වන්නේ මීටර 76.96 ක් ලෙසිනි.

ශ්‍රී ලංකාවෙන් මෙම තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු සහභාගි වු අතර යගුලිය විසි කිරීම කාන්තා ඉසව්වේදී තාරිකා ප්‍රනාන්දු පස්වැනි ස්ථානය ලැබුවාය.

රන්පදක්කම දිනාගත් දිල්හානි ලේකම්ගේ

සම්පත් රණසිංහ

 


අදහස් (0)

දිල්හානිට කොරියාවේදී රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.