Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 17 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමත්ව සිටියි.
ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත ලැයිස්තුවේ 31 වැනි ස්ථානයේ පසුවූ දිමුත්, එම තරගාවලිය අවසන් වන විට ස්ථාන 14 ක් ඉදිරියට පැමිණෙමින් එහි 17 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
පාකිස්තානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 93 ක් රැස්කළ දිමුත්, දෙවැනි ටෙස්ට් තරගයේ (දිවා-රාත්‍රී) පළමු ඉනිමේදී ලකුණු 196 ක් රැස්කිරීමට සමත් විය. එම තරගාවලියේ ඉනිම් 4 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ඔහු රැස්කළ මුලු ලකුණු සංඛ්‍යාව 306 කි.
එම තරගාවලියේ ඉනිම් 4 කදී ශතකයක් (නොදැවී 155) සහ අර්ධ ශතකයක් (62) සමග ලකුණු 224 ක් රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ටද ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි උසස්වීමක් හිමිවී තිබේ. තරගාවලිය ආරම්භ වන විට ශ්‍රේණිගත කිරීම්හි 33 වැනි ස්ථානයේ පසුවූ ඔහු එහිදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ස්ථාන 12 ක් ඉදිරියට පැමිණෙමින් 21 වැනි ස්ථානය හිමිකරගෙන සිටියි.
ශ්‍රේණිගත කිරීම්හි 62 වැනි ස්ථානයේ පසුවූ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල 39 වැනි ස්ථානය දක්වා ස්ථාන 23 ක් ඉදිරියට පැමිණ ඇත්තේ පාකිස්තාන තරගාවලියේදී අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 196 ක් රැස්කිරීම හේතුවෙනි.
කෙසේ වුවත් ආබාධ තත්ත්වයක් නිසා පාකිස්තාන ටෙස්ට් තරගාවලියට සහභාගි නොවූ හිටපු ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම එම තරගාවලියේදී සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ කුසල් මෙන්ඩිස්ද ශ්‍රේණිගත කිරීම්හි පහළට ඇද වැටී ඇත. එහිදී මැතිව්ස් 22 වැනි ස්ථානයේ සිට 24 වැනි ස්ථානය දක්වා ස්ථාන 2 ක්ද, මෙන්ඩිස් 24 වැනි ස්ථානයේ සිට 34 වැනි ස්ථානය දක්වා ස්ථාන 10 ක්ද පසුබැස තිබේ.
ටෙස්ට් පන්දු යවන්නන් අතර 4 වැනි ස්ථානයේ රැදී සිටි රංගන හේරත් පාකිස්තාන තරගාවලියේදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 2 ක්ද සමගින් කඩුලු 16 ක් දවැගැනීමට සමත් වුවද, ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයක් පහළට වැටී ඇත. ඊට හේතුවී ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ ඉනිම් 4 කදී කඩුලු 15 ක් දවාගත් දකුණු අප්‍රිකානු වේග පන්දුයවන ක්‍රීඩක කගිසෝ රබාඩා ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ සිට ස්ථාන 3 ක් ඉහළට පැමිණීමයි.
පාකිස්තාන තරගාවලියේදී කඩුලු 12 ක් දවාගත් ඩිල්රුවන් පෙරේරා පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 27 වැනි ස්ථානයේ සිට 23 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 ක් ඉදිරියට පැමිණ ඇති අතර නුවන් ප්‍රදීප් 34 වැනි ස්ථානයේ සිට 32 වැනි ස්ථානයටද, සුරංග ලක්මාල් 38 වැනි ස්ථානයේ සිට 33 වැනි ස්ථානයටද පැමිණ සිටිති.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.