Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කළුතර, කටුකුරුන්ද ධාවන පථයේදී පැවැති 8 වැනි ‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස මධුරංග කල්දේරාද, දක්ෂතම රියැදුරා ලෙස පසිඳු පීරිස්ද සම්මාන දිනාගත්හ.
තමන් සහභාගී වූ තරග තුනෙන්ම ජය ලැබූ මධුරංග කල්දේරා මෙවර තරගාවලියේ වැඩිම පේ‍්‍රක්ෂක අවධානයක් දිනාගත් කී‍්‍රඩකයා බවට පත්විය.
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය, ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 900 සිට 1000 දක්වා) යතුරුපැදි තරගය සහ ‘එම්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) යතුරුපැදි විවෘත තරගය ඔහු ජය ලැබූ තරග විය.
කළකට පසු නැවතත් තම සුපුරුදු රිද්මයට පැමිණි පසිඳු පීරිස්, තරගාවලියේ වේගවත්ම මෝටර් රථ ඉසව්ව වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ පැවැති තරග දෙකම ජය ගනිමින් දක්ෂතම රියැදුරා බවට පත්විය.
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මෝටර් රථ තරගය ජයගත් රෝහිත රාජපක්ෂ, එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙකේදීම පසිඳු පීරිස් හමුවේ පරාජයට පත්විය.
‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි තරගය ජයගත් ලාබාල යතුරුපැදිකරු ඒරන් ගුණවර්ධන, ඉන් නොනැවතී ‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගයද ජයගත්තේ එහිදී ඔහුගේ සොහොයුරාවද පසුපසට ඇද දමමිනි.
මෝටර් රථ අංශයේ තවත් ද්විත්ව ජයග‍්‍රහණයකට හිමිකම් කීමට සජාඞ් සුහේර් සමත්වූයේ එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය මෙන්ම එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) දෙවැනි මෝටර් රථ තරගයද ජය ගනිමිනි.
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට 1100 දක්වා) සුපිරි යතුරුපැදි තරග ජය ගැනීමට ප‍්‍රබල කී‍්‍රඩක සුරාජ් පෙරේරා සමත්වූ අතර එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන ශිරාන් සැමුවෙල්ට සහ උදික ශ්‍රීමාල් මලවිගේට හිමිවිය.
ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සියැට් ආයතනය කටයුතු කළේය. ලංකා බැංකුව, හොණ්ඩා, ඊටෙල්, මහජන බැංකුව සහ එටිසෙලාට් යන සමාගම් සහ ආයතනය එහි මූලික අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කළේය.
‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි තරගය
1 ඒරන් ගුණවර්ධන
2 හංසික අබේසිංහ
3 සංජීව උදය කුමාර
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ තරගය
1 යෝගා පෙරේරා
2 සමන්ත ගුණවර්ධන
3 ඩබ්ලිව්. ඒ. ජී. රංගන
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 කේ. පරමේෂ්වරන්
2 ලක්මාල් විජේරත්න
3 සමන්ත ගුණවර්ධන
‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය
1 ඒරන් ගුණවර්ධන
2 මාලන් මංචනායක
3 ජේඞ්න් ගුණවර්ධන
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය
1 සුසන්ත ගුණවර්ධන
2 ජනිත් කුමාරගේ
3 රන්දික නිරෝෂණ
‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 100 සිට 350 දක්වා) යතුරුපැදි තරගය
1 ජේඞ්න් ගුණවර්ධන
2 ආනන්ද වෙඩිසිංහ
3 ශාන්ත රාම්
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 ශකීර් වහබ්
2 ඉර්ෆාන් ෆෝඞ්
3 ලක්මාල් විජේරත්න
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 උදාන පෙරේරා
2 එන්. එස්. එම්. ශසාන්
3 තුවාන් පි‍්‍රන්සි
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මෝටර් රථ තරගය
1 රෝහිත රාජපක්ෂ
2 ඒ. එස් පි‍්‍රයශාන්ත
3 සුලෙයික් මුෂීන්
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට 1100 දක්වා) සුපිරි යතුරු පැදි තරගය
1 සුරාජ් පෙරේරා
2 ශිරාන් සැමුවෙල්
3 උදික ශ්‍රීමාල් මලවිගේ
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි තරගය
1 ශෙයෙල් ඩැනියෙල්
2 ශිරාන් සැමුවෙල්
3 කාංචන ද සිල්වා
ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය (ඉන්දන විද්‍යුත් විසරණ)
1 බ‍්‍රයන් පෙරේරා
2 චන්දිම ගුණරත්න
3 ඇන්ඩෘ චොක්සි
ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය (කාබියුරේටර්)
1 ෆයාද් ෆරීස්
2 දුල්මිත් මෙන්ඩිස්
3 අයේෂ් බණ්ඩාර
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 පසිඳු පීරිස්
2 රෝහිත් රාජපක්ෂ
3 දිනේෂ් ජයවර්ධන
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 900 සිට 1000 දක්වා) යතුරුපැදි තරගය
1 මධුරංග කල්දේරා
2 යොහාන් වඩුගේ
3 නුවන් බුද්ධික
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර්
2 මධුෂාන් මාන්නප්පෙරුම
3 යෝගා පෙරේරා
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය
1 මධුරංග කල්දේරා
2 ශිරාන් සැමුවෙල්
3 රුවන් පීරිස්
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර්
2 දමිත් වීරසිංහ
3 ලක්මාල් විජේරත්න
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 රංජිත් උළුවිට
2 රන්දික නිරෝෂණ
3 ශෙනාල් ගුණවර්ධන
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 පසිඳු පීරිස්
2 රෝහිත් රාජපක්ෂ
3 දිනේෂ් ජයවර්ධන
‘එම්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) යතුරුපැදි විවෘත තරගය
1 මධුරංග කල්දේරා
2 ශිරාන් සැමුවෙල්
3 ශිවංක පිලිප්
‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ විශේෂ අවස්ථා ...
ඡායාරූප - ඉසුරු පෙරේරා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.