Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති 10 වැනි ‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරු ලෙස උෂාන් පෙරේරාද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ප‍්‍රමුඛ සේසත්ද සම්මාන දිනාගත්හ.
තරගාවලියේ වේගවත්ම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ අදියර දෙකම ජයගත් උෂාන් පෙරේරා, පළමු වරට ‘රොදර්හැම්’ තරගාවලියක දක්ෂතම මෝටර් රථ රියැදුරු ලෙස සම්මාන දිනාගත්තේය.
අදියර දෙකේදීම උෂාන්ට තියුණු තරගයක් ලබාදුන් පසිඳු පීරිස් පළමු අදියරේ දෙවැනි ස්ථානයද, දෙවැනි අදියරේ තෙවැනි ස්ථානයද හිමිකර ගත්තේය. එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය ජයගැනීමටද පසිඳු පීරිස් සමත් විය.
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ පළමු අදියරේ තෙවැනි ස්ථානය ඉර්ෆාන් ෆෝඞ්ටද, දෙවැනි අදියරේ දෙවැනි ස්ථානය ඩරින් වීරසිංහටද හිමිවිය.
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 900 සිට 1000 දක්වා යතුරුපැදි තරගය ජයගත් ප‍්‍රමුඛ සේසත්, ඉන් නොනැවතී ‘එම්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) යතුරුපැදි විවෘත තරගයද විශිෂ්ට ලෙස ජයගනිමින් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත්තේය.
සේසත් සමගින් උරෙන් උර ගැටෙමින් තරග වැදුණ නදුන් විජේසේකර සහ රේසා ඔඩයාර් පිළිවෙළින් එම තරග දෙකේදීම දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගත්හ.
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි තරගය සහ ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය ජයගෙන ද්විත්ව ජයග‍්‍රහණයකට හිමිකම් කියූ ශොයෙල් ඩැනියෙල්, වැඩි පේ‍්‍රක්ෂක අවධානයක් දිනාගැනීමට සමත් විය.
යතුරුපැදි තරග සඳහා සහභාගී වූ එකම කී‍්‍රඩිකාව වූ 13 හැවිරිදි හංසිකා අබේසිංහ, ‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය ජයගැනීමට සමත් වූ අතර මෝටර් රථ තරග සඳහා සහභාගී වූ එකම කී‍්‍රඩිකාව වූ ශෙහාරා ජයවර්ධන, එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගයේ දෙවැනි ස්ථානය හිමිකරගත්තාය.
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය ජයගත් කුෂාන් පීරිස්ට එම කාණ්ඩයේම ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ තරගයේදී ලාබාල කී‍්‍රඩක ශෙනාල් ගුණවර්ධන හමුවේ පසුබැසීමට සිදුවිය.
තවත් වේගවත් යතුරුපැදි ඉසව්වක් ලෙස සැලකෙන එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට 750 දක්වා) සුපර් මොටාඞ් යතුරුපැදි තරගය ජය ගැනීමට සුරාජ් පෙරේරා සමත් වූයේ උදික ශ්‍රීමාල් මලවිගේ, ආනන්ද වෙඩිසිංහ සහ ඉමාල් මංචනායක වැනි ප‍්‍රබල කී‍්‍රඩකයන් පසුපසට ඇද දමමිනි.
ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයන් ලෙස ටෙලිසි සර්විස් ආයතනය හා ලංකා බැංකුව කටයුතු කළේය. සියැටි සමාගම එහි උප ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කළ අතර මහජන බැංකුව, බ‍්‍රෑන්ටෙල්, ස්ටැෆර්ඞ් මෝටර්ස් සහ රාජා ජුවලර්ස් යන සමාගම් සහ ආයතන සම අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කරන ලදි.
‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි තරගය
1 සර්ෂික අබේසිංහ
2 රන්දික පිලිප්
3 ඉඳුනිල් වීරසිංහ
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය
1 චමින්ද ද සිල්වා
2 ඩිලංක ප‍්‍රභාත්
3 ඉමාල් මංචනායක
‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය
1 හංසිකා අබේසිංහ
2 විනුල පතිරගේ
3 නිඛිල පතිරගේ
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 ඉර්ෂාඞ් ෆාහම්
2 රුස්මින් රසික්
3 ක්ලයිව් රොජර්
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ තරගය සහ එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 සචිත් පතිරණ
2 මයිකල් විජේසූරිය
3 ඩබ්ලිව්. ඒ. ජී. රංගන
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 මොහොමඞ් ශසාන්
2 ටී. කේ. පෙරේරා
3 ඒ. ඒ. ඞී. චතුර
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 900 සිට 1000 දක්වා) යතුරුපැදි තරගය
1 ප‍්‍රමුඛ සේසත්
2 නදුන් විජේසේකර
3 රේසා ඔඩයාර්
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය
1 ටිරෝන් හෙඳවිතාරණ
2 මාලික කුරුවිටාරච්චි
3 ශිරාන් ඩූල්
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස්
2 රොමේෂ් ගුණවර්ධන
3 රජිත් උළුවිට
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි තරගය
1 ශොයෙල් ඩැනියෙල්
2 ලතික ශාමල්
3 කාංචන ද සිල්වා
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 උෂාන් පෙරේරා
2 පසිඳු පීරිස්
3 ඉර්ෆාන් ෆෝඞ්
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය
1 සුරාජ් පෙරේරා
2 උදික ශ්‍රීමාල් මලවිගේ
3 ආනන්ද වෙඩිසිංහ
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 සකීර් වහබ්
2 සජාඞ් සුහේර්
3 මිස්සක නවීන්
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය
1 ශොයෙල් ඩැනියෙල්
2 ශ්‍රීයන්ත අනුරාධ
3 මොහොමඞ් භාෂිත්
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 ශෙනාල් ගුණවර්ධන
2 කුෂාන් පීරිස්
3 රජිත් උළුවිට
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය
1 පසිඳු පීරිස්
2 ශෙහාරා ජයවර්ධන
3 අයේෂ් බණ්ඩාර
‘එම්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) විවෘත යතුරුපැදි තරගය
1 ප‍්‍රමුඛ සේසත්
2 නදුන් විජේසේකර
3 රේසා ඔඩයාර්
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 උෂාන් පෙරේරා
2 ඩරින් වීරසිංහ
3 පසිඳු පීරිස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.