Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දක්ෂතම රියැදුරු අශාන් : යතුරුපැදිකරු ඉෂාන්

දක්ෂතම රියැදුරු අශාන් : යතුරුපැදිකරු ඉෂාන්

Nisanka Sandeepani - 2017 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ශ්‍රී ලංකා සුපර් සීරීස්’ මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාවලියේ සම්මාන රාත්‍රියේදී වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අශාන් සිල්වාද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉෂාන් දසනායකද සම්මාන දිනාගත්හ. 
 
ශූරතාවලියේ ප්‍රධානතම මෝටර් රථ කාණ්ඩය වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) ශූරතාව දිනාගනිමින් අශාන් සිල්වා දක්ෂතම රියැදුරා බවට පත්වූ අතර ප්‍රධානතම යතුරුපැදි කාණ්ඩය වූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් ශූරතාව දිනාගනිමින් ඉෂාන් දසනායක දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය. 
 
දක්ෂතම රියැදුරා බවට පත්වූ අෂාන් සිල්වාට කියා පිකැන්ටෝ වර්ගයේ මෝටර් රථයක්ද, දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ ඉෂාන් දසනායක හොණ්ඩා සී.බී. හොනට් වර්ගයේ යතුරුපැදියක්ද පිරිනැමිණ. 
 
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්), ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජය (ඒ.එම්.ආර්.සී.) එක්ව සංවිධානය කළ මෙම සම්මාන රාත්‍රිය ඉකුත් සෙනසුරාදා (2 වැනිදා) අත්තිඩිය ඊගල් ලේක් සයිඞ් හෝටලයේදී පැවැත්විණ. 
 
කටුකරුන්දේදී පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඞ්’, කුරුණෑගලදී පැවැති කැවල්රි සුපර්ක්‍රොස්, වැලිසරදී පැවැති කොළඹ සුපර්ක්‍රොස්, කුඩාඔයදී පැවැති කමාන්ඩෝ සුපර්ක්‍රොස් සහ පන්නලදී පැවැති රාත්‍රී මොටර් රථ තරගාවලිය යන තරගාවලි 5 දී ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා මෙම සම්මාන උළෙලේදී ඇගැයීමට ලක්කෙරිණ. 
 
එහිදී වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා සඳහා පිරිනැමුණ සම්මාන 2 ට අමතරව මෝටර් රථ කාණ්ඩය සඳහා තවත් සම්මාන 6 ක්ද, යතුරුපැදි කාණ්ඩය සඳහා සම්මාන 3 ක්ද, ජාත්‍යන්ත මට්ටමේ දක්ෂතා දැක්වූවන් සඳහා සම්මාන 3 ක්ද පිරිනැමිණ. 
 
සියැට් කණ්ඩායම නියෝජනය කළ උෂාන් පෙරේරා සහ මාලික කුරුවිටාරච්චි මෝටර් රථ කාණ්ඩයේ කාණ්ඩායම් ශූරතාව දිනාගත් අතර ජාත්‍යන්ත මට්ටමේ දක්ෂතා අගයමින් ඩිලන්ත මාලගමුව, ජේඞ්න් ගුණවර්ධන සහ ඒරන් ගුණවර්ධන ඇගයීමේ සම්මානයට පාත්‍ර වූහ. 
 
ශ්‍රී ලංකා සුපර් සීරීස් ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අභය සහ සමාගම කටයුතු කළේය.  දක්ෂම රියැදුරාට ලබාදුන් මෝටර් රථය සඳහා විෂන් කෙයා සමාගම සහ කියා මෝටර්ස් සමාගමද, දක්ෂතම යතුරුපැදිකරුවාට ලබාදුන් යතුරුපැදිය සඳහා හොණ්ඩා සමාගමද අනුග්‍රහය දැක්වූහ. 
 
සම්මාන රාත්‍රියේ ප්‍රධාන අරාධිතයන් ලෙස ආරක්ෂක රාජ්‍ය ආමත්‍ය රුවන් විජයවර්ධන සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහභාගි වූහ. 
 
මෝටර් රථ ශූරතා
 
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ ශූරතාව 
 
සප්න වීරසේකර 
ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ (ඉන්දන විද්‍යුත් විසරණ) ශූරතාව 
ඇන්ඩෘ චොක්සි
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ ශූරතාව
කුෂාන් පීරිස් 
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ ශූරතාව
තරිඳු ධර්මරත්න 
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ ශූරතාව 
සාකිර් වහබ් 
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ශූරතාව 
අශාන් සිල්වා 
 
යතුරුපැදි ශූරතා
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ශූරතාව (වයස 16 න් පහළ) 
 
භානුක රත්නායක 
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ශූරතාව 
ඉමාල් මංචනායක 
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 1000 දක්වා) යතුරුපැදි ශුරතාව 
ප්‍රමුඛ සේසත් 
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ශූරතාව 
ඉෂාන් දසනායක 
 
ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූවෝ
 
ඩිලන්ත මාලගමුව
ජේඞ්න් ගුණවර්ධන 
ඒරන් ගුණවර්ධන 
 
දක්ෂතම මෝටර් රථ රියැදුරා 
අශාන් සිල්වා 
 
දක්ෂතම යතුරුපැදිකරුවා 
ඉෂාන් දසනායක 
 
 

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතින් ඉෂාන් දසනායක සම්මාන ලබාගත් අයුරු

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතින් අශාන් සිල්වා සම්මාන ලබාගත් අයුරු

රුවන් විජයවර්ධන මහතා අතින් ජේඞ්න් ගුණවර්ධන සම්මාන ලබාගත් අයුරු... ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති නිසාන් වාසලතන්ත්‍රි සහ ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සභාපති දිනේෂ් ජයවර්ධන යන මහත්වරුද ඡායාරූපයේ සිටිති. 
 

කණ්ඩායම් ශූරතාව දිනූ සියැට් කණ්ඩායම 

ඡායාරූප - ඩික්සන් වසන්ත  

 

 

අදහස් (0)

දක්ෂතම රියැදුරු අශාන් : යතුරුපැදිකරු ඉෂාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.