Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අපි‍්‍රකානුවෝ වි:20 තරගාවලිය දිනති

දකුණු අපි‍්‍රකානුවෝ වි:20 තරගාවලිය දිනති

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ලකුණු 146 ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ ගමන  ඕවර 20 ක් නිමාවේදී ලකුණු 123 කින් නතර කළ දකුණු අපි‍්‍රකානුවෝ සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති දෙවැනි වි:20 තරගයේදී ලකුණු 22 ක පහසු ජයක් අත්කරගත්හ.

මෙම ජයත් සමගින් තරගයක් ඉතිරිව තිබියදීම වි:20 තරගාවලියේදි 2-0 ක ජයක් ලබාගැනීමට සංචාරක කණ්ඩායම සමත් විය.

දැඩි සුළග මැද, එන්න එන්නම මන්දගාමී වන තණතීරුවකදී ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනකුම දැවී යාම නිසා කුමාර් සංගක්කාර නැවත වරක් කණ්ඩායමේ බර කරට ගනිමින් පන්දු 35 කදී ලකුණු 39 ක් ලබාගත්තේ හතරේ පහර 4 ක් ද තම ඉනිමට ඇතුළත් කරමිනි. එහෙත් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37 ක් එක් කිරීමට ළහිරු තිරිමාන්නගෙන් ලද සහය හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවකුගෙන් සංගක්කාරට සහයෝගයක් නොලැබිණ.

තිලකරත්න ඩිල්ෂාන්ද අද තරගයට කී‍්‍රඩා නොකළ හෙයින් සංගක්කාරගේ කාර්යය වඩාත් අසීරු විය.
සෙසු පිතිකරුවන් දැවී යද්දී තවදුරටත් බලා නොයිඳ කි‍්‍රයාත්මක වූ සංගක්කාර පිටියෙන් ඉවත්වූයේ එක්ස්ට‍්‍රා කවර්ස්හි සිටි ඬේවිඞ් වීසාගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමකිනි. උස කී‍්‍රඩකයකු වූ වීසා තමාගේ හිසට උඩින් පියාඹා ගිය පන්දුව ගුවනට පැන ඩැහැගත්තේ තරගාවලිය සම කිරීමට තිබූ ශී‍්‍ර ලංකා පිලේ බලාපොරොත්තු සියල්ලම විනාශ කර දමමිනි.

ආරම්භයේ සිටම එක දිගට සිය  ඕවර 4 යැවූ වමතින් වේග පන්දු යවන්නා වන ලොන්වාබෝ සොත්සොබි, තම  ඕවර 4 න් ලබාගත හැකි ලකුණු සංඛ්‍යාව 17


අදහස් (7)

දකුණු අපි‍්‍රකානුවෝ වි:20 තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.