Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස දකුණු අපි‍්‍රකාව සහ සිම්බාබ්වේ පිල අතර අද (15 වැනිදා) හැමිල්ටන්හිදී පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 62 ක ජයක් අත්කර ගැනීමට දකුණු අපි‍්‍රකාව සමත් විය.
ලකුණු 340 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ පිලට ඕවර 48.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 277 ක් පමණි.
සිම්බාබ්වේ පිලේ වැඩිම ලකුණු ලාභියා වූ හැමිල්ටන් මසකඞ්සා පන්දු 74 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 80 ක් රැස්කළේය.
ඔහු සහ චමූ චිබාබා (64) අතර සිම්බාබ්වේ පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුන සම්බන්ධතාව ලකුණු 105 කි. පන්දු 82 කදී වාර්තා වූ චිබාබාගේ අර්ධ ශතකයට හතරේ පහර 10 ක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකානු පිල ඕවර 50 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 339 ක් ලබා ගත්තේය.
එහිදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරවූ ඬේවිඞ් මිලර්, හයේ පහර 9 ක් සහ හතරේ පහර 7 ක් සමගින් පන්දු 92 කදි නොදැවී ලකුණු 138 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.
තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා මිලර්ට අගනා සහයක් දුන් ජේ. පී. ඩුමිනි පන්දු 100 කදී නොදැවී ලකුණු 115 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමගිනි.
දකුණු අපි‍්‍රකානු පිලේ 4 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 178 කදී ලකුණු 256 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගීමටද මිලර් සහ ඩුමිනි සමත් වූහ.
ක්වින්ටන් ඩි කොක් දවාගනිමින් දකුණු අපි‍්‍රකානු පිලේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 10 කට සීමා කිරීමට ටෙන්ඩායි චටාරා සමත් විය.
ඉන් පසුව කි‍්‍රයාත්මක වූ ටිනාෂේ පන්යන්ගාරා, මුලූ ලකුණු සංඛ්‍යාව 21 ක් වන වට අනෙක් අනෙක් ආරම්භක පිතිකරුවාද (හෂීම් අම්ලා) අාපසු කී‍්‍රඩාගාරයට හරවා යවමින් දකුණු අපි‍්‍රකානු පිලට යම් පීඩනයක් එල්ල කළේය.
දකුණු අපි‍්‍රකානු පිලේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ෆෆ් ඩුප්ලෙසී (24) සහ ඒ. බී. ඩිවිලියස් (25) සමත් වුවද, එල්ටන් චිගම්බූරාගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක බ්‍රෙන්ඩන් ටේලර් අතට උඩ පන්දුවක් දෙමින් ඩුප්ලෙසී දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමා විය.
නායක ඒ. බී. ඩිවිලියස්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 25 ක් පමණි. තෆඞ්ස්වා කමුන්ගෝසිගේ පන්දුවක් හමුවේ කේ‍්‍රග් එර්වින් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවීගියේය.
කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අපි‍්‍රකානු පිලට ආරාධනා කර සිටියේය.
දකුණු අපි‍්‍රකාව - ඕවර 50 කදී කඩුලූ 4 ක් දැවී 339
(හෂීම් අම්ලා 11, ෆෆ් ඩුප්ලෙසී 24, ඒ. බී. ඩිවිලියස් 25, ඬේවිඞ් මිලර් නොදැවී 138, ජේ. පී. ඩුමිනි නොදැවී 115)
සිම්බාබ්වේ - ඕවර 48.2 කදී සියලූ දෙනා දැවී 277
(චමූ චිබාබා 64, හැමිල්ටන් මසකඞ්සා 80, බ්‍රෙන්ඩන් ටේලර් 40, සොලමන් මයර් 27, ඉම්රාන් තාහීර් 36/3, වර්නන් පිලැන්දර් 30/2, මෝනි මෝකල් 49/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.