Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවට එරෙහිව පර්ත්හිදී ඊයේ (4 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ඕවර 29.2 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.
පළමු කඩුල්ල සඳහා පන්දු 100 කදී ලකුණු 94 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ක්වින්ටින් ඩි’කොක් (47) සහ රීසා හෙන්ඩ්‍රික්ස් (44) දකුණු අපිකානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 40 කදී වාර්තා වූ ඩි’කොක්ගේ ඉනිමට හතරේ පහර 7 ක් අතුළත් වූ අතර පන්දු 72 කදී වාර්තා වූ හෙන්ඩ්‍රික්ස්ගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය.
තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඒඞ්න් මාක්‍රම් පන්දු 32 කදී ලකුණු 36 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි. නායක ෆෆ් ඩුප්ලෙසි පන්දු 24 කදී නොදැවී ලකුණු 10 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මාකස් ස්ටොයිනිස් ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 38.1 ක් අවසානයේ ලකුණු 152 කට සීමාකිරීමට ඇන්ඩිල් පෙලුක්වායෝ ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ පෙලුක්වායෝ ලකුණු 33 කට කඩුලු 3 ක් දවාගත් අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඬේල් ස්ටේන්, කගිසෝ රබාඩා සහ ඉම්රාන් තාහීර් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.
ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නේතන් කූල්ටර් නයිල් පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 34 ක් රැස්කළ අතර ඇලෙක්ස් කේරි පන්දු 72 කදී ලකුණු 33 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.
ඕස්ට්‍රේලියාව - ඕවර 38.1 කදී සියලු දෙනා දැවී 152
(ක්‍රිස් ලයන් 15, ඇලෙක්ස් කේරි 33, මාකස් ස්ටොයිනිස් 14, නේදන් කූල්ටර් නයිල් 34, ඇන්ඩිල් පෙලුක්වායෝ 33/3, ඬේල් ස්ටේන් 18/2, කගිසෝ රබාඩා 26/2, ඉම්රාන් තාහීර් 39/2)
දකුණු අප්‍රිකානු කණ්ඩායම - ඕවර 29.2 කදී කඩුලු 4 ක් දැවී 153
(ක්වින්ටින් ඩි’කොක් 47, රීසා හෙන්ඩි්‍රක්ස් 44, ඒඞ්න් මාක්‍රම් 36, මාකස් ස්ටොයිනිස් 16/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.