Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර කේප්ටවුන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (5 වැනිදා) තරගය අවසන් කරන විට පාකිස්තාන කණ්ඩායමට සියලුදෙනා දැවී සිය දෙවැනි ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 294 ක් පමණි. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 41 ක ඉලක්කයක් හිමිවිය.
පාකිස්තාන කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 194 ක් රැස්කරමින් ඉතා හොඳ තත්වයක සිටියද අවසන් කඩුලු 6 ලකුණු 100 ක් තුළ දවාගනිමින් පාකිස්තාන කණ්ඩායම පරාජය දෙසට තල්ලු කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කරවීමට ඬේල් ස්ටේන් සහ කගීසෝ රබාඩා සමත්වූහ.
ලකුණු 27 ක් තුළ කඩුලු 2 ක් දැවී යාමෙන් පසුව තෙවැනි කඩුල්ල සඳහා එක්වූ ශාන් මසූඞ් සහ අසාද් ශාෆීක් ලකුණු 132 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් පාකිස්තාන ඉනිම ගොඩනැගූහ.
පන්දු 110 කට මුහුණදුන් ශාන් මසූඞ් හතරේ පහර 9 ක් සමගින් ලකුණු 61 ක් රැස්කළ අතර අසාද් ශාෆීක් පන්දු 165 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 88 ක් රැස්කිරීමට සමත්විය.
පසුපෙළ පිතිකරුවන් අසාර්ථක වනවිට හුදකලා සටනක නිරතවූ බාබර් අසාම් පාකිස්තාන දෙවැනි ඉනිමේ නවවැනි කඩුල්ල ලෙස දැවීයන විට ලකුණු 72 ක් රැස්කර සිටියේය. පන්දු 144 කට මුහුණදුන් බාබර් අසාම්ගේ ඉනිමට හතරේ පහර 15 ක් ඇතුළත් විය.
ඬේල් ස්ටේන් සහ කගීසෝ රබාඩා කඩුලු 4 බැගින් දවාගනිමින් දකුණු අප්‍රිකානුවන්ගේ ජය මාවත සකසා දුන්හ.
පාකිස්තානු පළමු ඉනිම - ඕවර 51.1 කදී සියලුදෙනා දැවී 177
(ශාන් මසූඞ් 44, අසාද් ශාෆික් 20, සර්ෆ්‍රාස් අහ්මඞ් 56, මොහොමඞ් අමීර් නොදැවී 22, ඩුයනි ඔලිවර් 48/4, ඬේල් ස්ටේන් 48/3, කගිසෝ රබාඩා 35/2)
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - ඕවර 124.1 කදී සියලුදෙනා දැවී 431
(ඒඞ්න් මැක්‍රම් 78, ඩීන් එල්ගා 20, හසීම් අම්ලා 24, ෆැෆ් ඩු ප්ලෙසීස් 103, ටෙම්බා බවුමා 75, කුයින්ටන් ඩිකොක් 59, මොහොමඞ් අමීර් 88/4, ශහීන් අෆ්රිඩි 123/4)
පාකිස්තානු දෙවැනි ඉනිම - ඕවර 70.4 කදී සියලුදෙනා දැවී 294
(ශාන් මසූඞ් 61, අසාද් ශාෆික් 88, බාබර් අසාම් 72, කගිසෝ රබාඩා 61/4, ඬේල් ස්ටේන් 85/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.