Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඩර්බන්හිදී පැවැති දෙවැනි එක්දින ක තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (22 වැනිදා) සමත් විය. ඒ අනුව දෙටර අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්කර ගැනීමටද දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකි විය. ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ඕවර 42 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.
දක්ෂ පිතිහරඹයක නිරත වූ රෙසී වැන්ඩර් ඩුසේන් පන්දු 123 කදී හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 80 ක් රැස්කරමින් දකුණු අපිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. එහිදී ඇන්ඩිල් පෙලුක්වායෝ (නොදැවී 69) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 168 කදී ලකුණු 127 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඩුසේන් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. පන්දු 80 කදී වාර්තා වූ පෙලුක්වායෝගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.
මුලු ලකුණු සංඛ්‍යාව 29 ක් වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ රීසා හෙන්ඩි්‍රක්ස් (5) සහ හෂීම් අම්ලා (8) මෙන්ම නායක ෆෆ් ඩුප්ලෙසි (8) ද පිටියෙන් ඉවත් කිරීමට ශහීන් අෆ්රිඩි සමත් විය. කෙසේ වුවත් ඬේවිඞ් මිලර් (31) සමග සිවුවැනි කඩුල්ල සඳහා පන්දු පන්දු 55 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගූ වැන්ඩර් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 45.5 අවසානයේ ලකුණු 203 කට සීමා කිරීමට ඇන්ඩිල් පෙලුක්වායෝ ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යවන්නෝ සමත් වූ පෙලුක්වායෝ ලකුණු 22 කට කඩුලු 4 ක් බිඳහෙළීය. පාකිස්තාන ඉනිමස සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහයක් දුන් තබ්‍රේස් ශම්සි ලකුණු 56 කට කඩුලු 3 ක් දවාගත්තේය.
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ හසන් අලී පන්දු 45 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 59 ක් රැස්කළේය. නායක සර්ෆරාස් අහමඞ් (41) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අලී සමත් විය. පන්දු 59 කදී වාර්තා වූ අහමඞ්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.
පාකිස්තානය - ඕවර 49.1 කදී කඩුලු 5 ක් දැවී 267
(ෆකාර් සමාන් 26, ෂොයිබ් මලික් 21, ශඩාබ් ඛාන් 18, සර්ෆරාස් අහමඞ් 41, හසන් අලී 59, ඇන්ඩිල් පෙලුක්වායෝ 22/4, තබ්‍රේස් ශම්සි 56/3, කගිසෝ රබාඩා 35/2)
දකුණු අප්‍රිකාව - ඕවර 42 කදී සියලු දෙනා දැවී 207
(රෙසී වැන්ඩර් ඩුසේන් නොදැවී 80, ඬේවිඞ් මිලර් 31, ඇන්ඩිල් පෙලුක්වායෝ නොදැවී 69, ශහීන් අෆ්රිඩි 44/3, ශඩාබ් ඛාන් 46/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.