Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානුවෝ එක්දින තරගාවලිය ජය ගනිති

දකුණු අප්‍රිකානුවෝ එක්දින තරගාවලිය ජය ගනිති

Nisanka Sandeepani - 2019 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන්හිදී ඊයේ (30 වැනිදා) පැවැති පස්වැනි දිවා/රාත්‍රී එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ. ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජයගැනීමටද දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තානයට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 240 ක් පමණි.

සාර්ථක පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ලකුණු 70 ක් රැස්කර සිටියදී ඇන්ඞ්ල් පෙලුක්වායෝගේ පන්දුවක් හමුවේ ඉම්රාන් තහීර්ට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 73 කට මුහුණදුන් ෆකාර් සමාන්ගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය.

ලකුණු 31 ක් රැස්කිර සිටියදී පාකිස්තාන නායක ශොයිබ් මලික් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුවීම හේතුවෙන් පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට නොහැකි වුවද අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි ඉමාඞ් වසීම් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 31 කදී නොදැවී ලකුණු 47 ක් රැස්කරමින් පාකිස්තාන ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය. ඔහුගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් අලංකාර විය.

ඇන්ඞ්ල් පෙලුක්වායෝ සහ ඞ්වයින් ප්‍රේටෝරියස් කඩුලු 2 බැගින් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 241 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානුවෝ ඕවර 40 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත්වූහ.

වේගවත් ආරම්භයක් ලබාදුන් කුයින්ටන් ඩි’කොක් පන්දු 58 කදී ලකුණු 83 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානුවන්ගේ ජයග්‍රහණයට අඩිතාලම දමාදුන්හ. හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් ඩි’කොක්ගේ ඉනිමට ඇතුලත්විය. රීසා හෙන්ඩි්‍රක්ස් පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 34 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානුවන්ගේ ජයග්‍රහණයට දායක විය.

සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 118 කදී ලකුණු 95 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වූ ෆෆ් ඩු ප්ලේසිස් සහ රසී වැන් ඩර්සන් අර්ධ ශතක රැස්කරමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

පන්දු 72 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට ෆෆ් ඩු ප්ලේසිස් සමත්වූ අතර පන්දු 61 කදී හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට රසී වැන්ඩර්සන් සමත්විය.

පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 240
(ෆකාර් සමාන් 70, බාබර් අසාම් 24, ශොයිබ් මලික් 31, ඉමාඞ් වසීම් නොදැවී 47, ඇන්ඞ්ල් පෙලුක්වායෝ 42/2, ඞ්වයින් ප්‍රේටෝරියස් 46/2)

දකුණු අප්‍රිකාව - ඕවර 40 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 241
(කුයින්ටන් ඩි’කොක් 83, රීසා හෙන්ඩි්‍රක්ස් 34, ෆෆ් ඩු ප්ලේසිස් නොදැවී 50, රසී වැන්ඩර්සන් නොදැවී 50)


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ එක්දින තරගාවලිය ජය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.