Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකාවට ලකුණු 333 ක ජයක්

දකුණු අප්‍රිකාවට ලකුණු 333 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පොට්චෙස්ට්රූම්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 333 ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව අද (02 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 424 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 90 ක් පමණි. ඊයේ තරගය නතර කරනවිට කඩුලු 3 ක් අහිමිකර ගනිමින් ලකුණු 49 ක් රැස්කරගෙන සිටි බංග්ලාදේශ කණ්ඩායමට අද දිනයේදී කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ තවත් ලකුණු 41 ක් පමණි.

වේගපන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක දඟ පන්දුවෙන් දස්කම් පෑ වමතින් දගපන්දු යවන කේෂව් මහරාජ් බංග්ලාදේශ පිතිකරුවන් සිව්දෙනෙකු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත්වූහ. වේගපන්දු යවන්නන් වන මෝර්න් මෝකල් සහ කගීසෝ රබාඩා එක්ව කඩුලු පහක් දවාගත් අතර එක් දුවද්දී දැවීයාමක්ද විය.

ඉම්රුල් කයිස් ලකුණු 32 ක් රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා විය.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම - ඕවර 146 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 496
(ඩීන් එල්ගා 199, ඒඞ්න් මාක්‍රම් 97, හසිම් අම්ලා 137, ටෙම්බා බවුමා නොදැවී 31, ෆෆ් ඩුප්ලේසී නොදැවී 26)

බංග්ලාදේශය - පළමු ඉනිම - ඕවර 89.1 කදී සියලුදෙනා දැවී ලකුණු 320
(ලිටන් දාස් 25, මොනිමුල් හක් 77, මුෂ්ෆීකූර් රහීම් 44, ටමීම් ඉක්බාල් 39, මහමුදුල්ලා 66, සබීර් රහ්මන් 30, කේෂව් මහරාජ් 92/3, මෝර්න් මෝකල් 51/2, කගීසෝ රබාඩා 84/2)

දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම - ඕවර 56 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 247
(හසීම් අම්ලා 28, ටෙම්බා බවුමා 71, ෆෆ් ඩුප්ලේසී 81, මොමිනුල් හක් 27/3, මුස්ටෆිසූර් රහ්මන් 30/2)

බංග්ලාදේශය - දෙවැනි ඉනිම - ඕවර 32.4 කදී සියලුදෙනා දැවී ලකුණු 90
(ඉම්රුල් කයිස් 32, කේෂව් මහරාජ් 25/4, කගීසෝ රබාඩා 33/3, මෝර්න් මෝකල් 19/2)

 


අදහස් (0)

දකුණු අප්‍රිකාවට ලකුණු 333 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.