Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්
කාන්තා වි:20 ලෝක කුසලාන

දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

editorial - 2024 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ ස්කොට්ලන්තය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට ඕවර 17.5 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 86 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නොන්කුලුලෙකො ම්ලාබා සිය ඕවර 4 ලකුණු 12 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළීමට සමත් වූවාය.

ස්කොට්ලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ම්ලාබාට අනගි සහායක් දුන් නැඩින් ඩි’ ක්ලර්ක් සහ ච්ලොයි ට්‍රිරෝන් කඩුලු 2 බැගින් දවාගත්හ. පිතිකාරිණියන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවී යෑම ස්කොට්ලන්තයට විශාල පාඩුවක් බවට පත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු  ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් ලබාගත්හ. නායිකා ලෝරා වුල්වාඩ්ට් (40) සහ ටැස්මින් බ්‍රිට්ස් (43) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

පන්දු 27 කට මුහුණදුන් ලෝරා, හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 35 කදී වාර්තා වූ ටැස්මින්ගේ ඉනිමටද හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. වේගවත් පිතිහරඹයක නිරත වූ මැරිසේන් කේප් පන්දු 24 කින් ලකුණු 43 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි.

 

දකුණු අප්‍රිකානු කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 166
(ලෝරා වුල්වාඩ්ට් 40, ටැස්මින් බ්‍රිට්ස් 43, මැරිසේන් කේප් 43, සුනී ලූස් නොදැවී 18)

ස්කොට්ලන්ත කාන්තා පිල - ඕවර 17.5 කදී සියලු දෙනා දැවී 86
(කැත්‍රීන් ෆ්‍රසර් 14, නොන්කුලුලෙකො ම්ලාබා 12/3, නැඩින් ඩි’ ක්ලර්ක් 15/2, ච්ලොයි ට්‍රිරෝන් 22/2) 

 


අදහස් (0)

දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.