Last Update  :  2024-10-18 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානු කාන්තාවෝ කඩුලු 10 කින් දිනති
වි-20 කන්තා ලෝක කුසලාන

දකුණු අප්‍රිකානු කාන්තාවෝ කඩුලු 10 කින් දිනති

editorial - 2024 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අද පැවැති තරගයකදී කොදෙව් පන්දු යවන්නියන් හමුවේ චිත්තාකර්ශනීය පිතිහරඹයක නිරත වූ නායිකා ලෝරා වූල්වාර්ත් (නොදැවී 59) සහ ටැස්මින් බි්‍රට්ස් (නොදැවී 57) එක්ව දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 10 ක ජයක් කරා කැඳවාගෙන ගියහ. ලකුණු 118 ක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකානු කාන්තාවෝ පන්දු 13 ක් ඉතිරිව තිබියදී, කිසිවකු නොදැවීම තමන්ගේ ඉලක්කය පසුකර ගියහ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් පිල වෙනුවෙන් ස්ටෙෆනි ටේලර් පන්දු 41 කදී නොදැවී ලකුණු 44 ක් ලබාගත්තාය. එහෙත් වමතින් දඟ පන්දු යවන්නී, නොන්කුලුලේකෝ ම්ලාබා (29/4) හමුවේ සෙසු කොදෙව් පිතිකාරිණියෝ අන්ද මන්දව ගියහ. 

16 වැනි ඕවරයේදී ආලියා ඇලේන් දැවී යාමත් සමගින් කොදෙව් පිලේ 6 වැනි කඩුල්ලත් ලකුණු 83 දී බිඳ වැටුණද ස්ටෙෆනි ටේලර් සහ සයිඩා ජේම්ස් (නොදැවී 15) එක්ව පන්දු 29 කින් ලකුණු 35 ක් එකතු කරමින් කොදෙව් කණඩායම ලකුණු 118 ක් කරා කැඳවාගෙන ගියහ. 

දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වූල්වාර්ත් සහ ටැස්මින් බි්‍රට්ස් දෙදෙනා පන්දුවට පහර දුන්නේ හතරේ සීමාව තමන්ගේ දෙපාමුල තිබූ ලෙසිනි. ඔවුන් දෙදෙනාගෙන් වූල්වාර්ත්ගේ පිතිහරඹය වඩාත් මනස්කාන්ත විය. 

වූල්වාර්ත් පන්දු 55 කින් ලබාගත් ලකුණු 59 ට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර ටැස්මින් බි්‍රට්ස්ගේ පන්දු 52 ඉනිම හතරේ පහර 6 කින් සමන්විත විය. 


බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 6 ට 118 යි
(හේලි මැතිව්ස් 10, ස්ටෙෆනි ටේලර් නොදැවී 44, දිනේන්ද්‍රා ඩොටින් 13, ශර්මීන් කැම්බෙල් 17, මෙරිසාන් කැප් 14/2, නොන්කුලුලේකෝ ම්ලාබා 29/4)

දකුණු අප්‍රිකානු කාන්තාවෝ - ඕවර 17.5 කදී කිසිවකු නොදැවී 119 යි
(ලෝරා වූල්වාර්ත් නොදැවී 59, ටැස්මින් බි්‍රට්ස් නොදැවී 57)

- 213


අදහස් (0)

දකුණු අප්‍රිකානු කාන්තාවෝ කඩුලු 10 කින් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.