Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (20 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 287 ක් ලබා සිටියේය.
දෙවැනි දිනය අවසානයේ දකුණු අප්‍රිකානුවෝ, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට වඩා ලකුණු 3 ක් පසුපසින් සිටි අතර ඒ වන විට කයිල් වැරේන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 34 ක්ද, බේයර්ස් ස්වැන්පෝල් හතරේ පහරක් සමග නොදැවී ලකුණු 4 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. එහිදී විශ්ව ප්‍රනාන්දු සහ ලක්ෂිත මනසිංහ කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වූහ.
දකුණු අප්‍රිකානු ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ ටි්‍රස්ටන් ස්ටබ්ස් (117) ශතකයක් වාර්තා කළේ හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමගිනි. කීගන් පීටර්සන් (50) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 123 ක් එක්කළ ස්ටබ්ස්, ඉන් නොනැවතී සුබේර් හම්සා (46) සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 86 ක්ද එක් කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
පළමු දිනය වූ පෙරේදා (19 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 257 ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 33 ක් පමණි. පළමු සිවුදින තරගයේදී මෙන්ම මෙම තරගයේදීද පන්දුවෙන් දස්කම් දැක්වූ සෙනුරන් මුත්තුසාමි ලකුණු 101 කට කඩුලු 6 ක් බිඳහෙළුවේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 290 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රමේෂ් මෙන්ඩිස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 62 ක් රැස්කළේය. නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මිලාන් රත්නායක (35) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රමේෂ් සමත් විය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල - සියලු දෙනා දැවී 290
(නිෂාන් මධුෂංක 33, ලසිත් කෲස්පුල්ලේ 27, මිනෝද් භානුක 32, පසිඳු සූරියබණ්ඩාර 41, ළහිරු උදාර 33, රමේෂ් මෙන්ඩිස් 62, මිලාන් රත්නායක 35, සෙනුරන් මුත්තුසාමි 101/6, ලුතෝ සිපම්ලා 36/2)
දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල - කඩුලු 6 ක් දැවී 287
(ටි්‍රස්ටන් ස්ටබ්ස් 117, කීගන් පීටර්සන් 50, සුබේර් හම්සා 46, කයිල් වැරේන් නොදැවී 34, විශ්ව ප්‍රනාන්දු 45/3, ලක්ෂිත මනසිංහ 45/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.