Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
මේ වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (9 වැනිදා) සුදුසුකම් ලබාගත්තේය. අයර්ලන්තය සහ බංග්ලාදේශය අතර එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්ත ක්‍රීඩාංගණයේදී පැවැති තරගය වර්ෂාවට සේදී යාමත් සමගින් දකුණු අප්‍රිකානුවන්ට මෙම වාසනාව උදා විය.
2023 ලෝක කුසලන සුපිරි ලීගයට අයත් තරගාවලියේදී ජයග්‍රහණ 9 කින් සහ විසඳුම් නැති තරග 2 කින් ප්‍රසාද ලකුණු 100 ක් හිමිකරගත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව දඬුවම් වශයෙන් ප්‍රසාද ලකුණු 2 ක් අඩුකර තිබිණ. එබැවින් පසුගිය අප්‍රේල් 02 වැනිදා නෙදර්ලන්තය පරාජය කරමින් දකුණු අප්‍රිකානුවෝ ප්‍රසාද ලකුණු 98 ක් සතුකරගෙන සිටියහ.
ප්‍රසාද ලකුණු පුවරුවේ 11 වැනි ස්ථානයේ සිටි අයර්ලන්තයට තරග 3 කදීම බංග්ලාදේශය පරාජය කිරීමට හැකිවූයේ නම් දකුණු අප්‍රිකානු කණ්ඩායම අභිබවා ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවක් තිබිණ. එහෙත් ඊයේ එසෙක්ස්හිදී පැවැති තරගය වර්ෂාවට සේදි යාම හේතුවෙන් අයර්ලන්තයේ අවස්ථාව අහිමි වූ අතර දකුණු අප්‍රිකානුවන්ට ලෝක කුසලාන තරගාවලියේ දොරටු විවර විය.
2023 ලෝක කුසලන සුපිරි ලීගයට අයත් තරගාවලියේ තවත් ඉතිරිව ඇත්තේ තරග දෙකක් පමණි. බංග්ලාදේශයට එරෙහිව පැවත්වෙන එම තරග දෙකම ජයගත හැකිවුවද, අයර්ලන්තයට ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගත නොහැකිය.
මේ අනුව 2023 ලෝක කුසලන සුපිරි ලීගයට අයත් තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ 8 වැනි ස්ථානයෙන් පහළට වැටුණු කණ්ඩායම් වන බටහිර ඉන්දීය කොදෙව් (9), ශ්‍රී ලංකාව (10), අයර්ලන්තය (11), සිම්බාබ්වේ (12) සහ නෙදර්ලන්තයත් (13) තවත් රටවල් 5 කුත් ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය සඳහා ලබන මස මැදදී සිම්බාබ්වේ බලා යති. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දෙවැනි පෙළ එක්දින තරගාවලියේ ඉහළින්ම සිටින කණ්ඩායම් වන නේපාලය, ඕමානය සහ ස්කොට්ලන්තයත්, කඩයිම් තරගාවලියෙන් පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදයත් සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියට සහභාගි වෙති.
මෙම සුදුසුකම් තේරීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ රාජ්‍යයේදී පැවැත්වෙයි. කාණ්ඩ දෙකකින් යුතුව පැවැත්වෙන මෙම තරගාවලියේ එක් එක් කාණ්ඩයේ ශූරයන් පමණක් ලෝක කුෂලාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇත. මෙම සුදුසුකම් තේරීමේ තරගාවලිය දිවා තරගාවලියකි.
2020-2023 ලෝක කුසලාන සුපිරි ලීගයේ ප්‍රසාද ලකුණු පුවරුව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.