Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලක්නව් නුවරදී ඊයේ (6 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක් ලැබූ දකුණු අප්‍රිකානු කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 250 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට නියමිත ඕවර 40 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 240 ක් පමණි. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සංජු සැම්සන් පන්දු 63 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 86 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
ලකුණු 51 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී පිටියට පිවිසි සැම්සන්, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රෙයාස් අයියර් (50) සමග එක්ව පන්දු 54 කදී ලකුණු 67 ක්ද, හයවැනි කඩුල්ල වෙනුවෙන් ශර්ධුල් ඨාකූර් (33) සමග එක්ව පන්දු 66 කදී ලකුණු 93 ක්ද එක්කිරීමට සමත් විය. පන්දු 37 කදී වාර්තා වූ අයියර්ගේ අර්ධ ශකතය හතරේ පහර 8 කින් සමන්විත විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලුංගි න්ගිඩි ලකුණු 52 කට කඩුලු 3 ක් බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් කගිසෝ රබාඩා ලකුණු 36 කට කඩුලු 2 ක් දවාගත්තේය. වේන් පනේල්, කේෂව් මහරාජ් සහ තබ්‍රේස් ශම්ෂි අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.
වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 40 කට සීමා කෙරුණ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම එහිදී කඩුලු 4 ක් දැවී ලකුණු 249 ක් ලබාගතතේය. හෙන්රික් ක්ලාසන් (74) සහ ඩේවිඩ් මිලර් (75) එහිදී අර්ධ ශතක ලැබූහ. පන්දු 65 කදී වාර්තා වූ හෙන්රික්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 63 කට මුහුණදුන් මිලර් හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසුවේය.
ඔවුන් දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 106 කදී ලකුණු 139 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළට එසවූහ. ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් පන්දු 54 කින් ලකුණු 48 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. යළිත් වක් අසාර්ථක වූ නායක ටෙම්බා බවුමාට පන්දු 12 කදී ලබාගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි.
දකුණු අප්‍රිකානු පිල - ඕවර 40 කදී කඩුලු 4 කට 249
(යනෙමන් මලාන් 22, ක්වින්ටින් ඩි’ කොක් 48, හෙන්රික් ක්ලාසන් නොදැවී 74, ඩේවිඩ් මිලර් නොදැවී 75, ශර්ධුල් ඨාකූර් 35/2)
ඉන්දීය පිල - ඕවර 40 කදී කඩුලු 8 කට 240
(රුතුරාජ් ගයික්වාද් 19, ඉෂාන් කිෂන් 20, ශ්‍රෙයාස් අයියර් 50, සංජු සැම්සන් නොදැවී 86, ශර්ධුල් ඨාකූර් 33, ලුංගි න්ගිඩි 52/3, කගිසෝ රබාඩා 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.