Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර නිව්යෝක් නුවර නසාවු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (8 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාව ලැබූ දෙවැනි ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 104 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානුවෝ කඩුලු 6 ක් දැවී පන්දු 7 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරාගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් මිලර් පන්දු 51 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 59 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
දකුණු අප්‍රිකානු ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 3 ක් ඇතුළත බිඳහෙළීමට නෙදර්ලන්ත පන්දු යවන්නන් සමත් වූ අතර මුලු ලකුණු සංඛ්‍යාව 12 ක් වන විට දකුණු අප්‍රිකාවේ සිව්වැනි කඩුල්ලද බිඳවැටිණ. එම අවස්ථාවේදී ට්‍රිස්ටන් ස්ටබ්ස් (33) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මිලර් සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තයට ඔට්නීල් බාට්මන් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 103 ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ බාට්මන් සිය ඕවර 4 ලකුණු 11 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත්තේය.
මාකෝ ජැන්සන් සහ ඇන්රික් නොකියා කඩුලු 2 බැගින් බිඳහෙළමින් නෙදර්ලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා බාට්මන්ට අනගි සහායක් දුන්හ. නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සයිබ්‍රෑන්ඩ් එන්ගල්බ්‍රෙච්ට් පන්දු 45 කින් ලකුණු 40 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
නෙදර්ලන්තය - ඕවර 20 කදී කඩුලු 9 කට 103
(සයිබ්‍රෑන්ඩ් එංගල්බ්‍රෙච්ට් 40, ලෝගන් වැන් බීක් 23, ඔට්නීල් බාට්මන් 11/4, ඇන්රික් නොකියා 19/2, මාකෝ ජැන්සන් 20/2)
දකුණු අප්‍රිකාව - ඕවර 18.5 කදී කඩුලු 6 කට 106
(ට්‍රිස්ටන් ස්ටබ්ස් 33, ඩේවිඩ් මිලර් නොදැවී 59, විවියන් කිංග්මා 12/2, ලෝගන් වැනි බීක් 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.