Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානුවෝ ලකුණකින් නේපාලය පරදවති
වි-20 ලෝක කුසලාන 2024

දකුණු අප්‍රිකානුවෝ ලකුණකින් නේපාලය පරදවති

editorial - 2024 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)   

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ දකුණු අප්‍රිකාව සහ නේපාලය අතර ශාන්ත වින්සන්ට්හි කිංග්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී ‍පෙරේදා (14 වැනිදා) පැවැති තරගයෙන් ලකුණුක අතිශය තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාව පිට පිටම ලැබූ සිවුවැනි ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 116 ක ඉලක්කයක් හඹාගිය නේපාලයට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 114 ක් පමණි. බංග්ලාදේශ ඉනිම වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු අසී‍ෆ් ‍ශෙයික් පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 42 ක් රැස්කළේය. කෙසේ වුවත් සෙසු පිතිකරුවන්ගෙන් සහායක් නොලැබීම හේතුවෙන් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ තබ්‍රේස් ශම්ෂි සිය ඕවර 4 ලකුණු 19 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත්තේ නේපාලයේ ජයග්‍රාහී මාවත අවහිර කර දමමිනි. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් නායක ඒඩ්න මාක්‍රම් සහ ඇන්රික් නොකියා කඩුල්ල බැගින් බිඳහෙළුෑ අතර මාකෝ ජැන්සන් ඕවර 4 ලකුණු 16 කටද, ඔට්නීල් බාට්මන් ඕවර 4 ලකුණු 20 කටද සීමා කරමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාවට කුෂාල් බෘටෙල් ප්‍රමුඛ නේපාල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ බෘටෙල් සිය ඕවර 4 ලකුණු 19 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත්තේය. දීපේන්ද්‍ර සිං කඩුලු 3 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 21 ක් ලබා දෙමිනි.

සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 43 ක් රැස්කිරීමට ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් සමත් විය. ට්‍රිස්ටන් ස්ටබ්ස් පන්දු 18 කදී නොදැවී ලකුණු 27 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

 

දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 7 කට 115
(රීසා හෙන්ඩ්‍රික්ස් 43, ඒඩ්න් මාක්‍රම් 15, ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී 27, කුෂාල් බෘටෙල් 19/4, දීපේන්ද්‍ර සිං 21/3)

නේපාලය - ඕවර 20 කදී කඩුලු 7 කට 114   
(අසීෆ් ශෙයික් 42, අනිල් ෂා 27, තබ්‍රේස් ශම්ෂි 19/4)


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ ලකුණකින් නේපාලය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.