Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව අද (29 වැනිදා) බංග්ලාදේශයේ චිතගෝන්හිදී පැවති 1 වැනි කාණ්ඩයේ තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කළ දකුණු අප‍්‍රිකාව, තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
තරගය ජයගැනීම සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිලට නියමිත ඕවර 20 ක් අවසානයේ කඩුලූ 3 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 193 ක් පමණි.
තරගාවලියේදී මෙතෙක් වාර්තාවූ එකම ශතකයට හිමිකම් කියන එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස්ට මෙම තරගයේදී රැස්කරගත හැකිවූයේ ලකුණු 38 ක් පමණි. පන්දු 22 කදී වාර්තාවූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර පහක් ඇතුළත්විය.
එංගලන්ත පිලේ පළමු කඩුලූ 3 ම දවාගැනීමට දකුණු අප‍්‍රිකානු වේග පන්දුයවන කී‍්‍රඩක වේන් පානෙල් සමත්වූ අතර ඒ සඳහා ඔහු ලකුණු 31 ක් වැයකර තිබිණ.
කාසියේ වාසිය දිනූ එංගලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අප‍්‍රිකානු පිලට ආරාධනා කළ අතර නියමිත ඕවර 20 ක් අවසානයේ කඩුලූ 5 දැවී ලකුණු 196 ක් රැස්කිරීමට ඔවුහු සමත්වූහ.
පිටියේ ආලෝකය දෙවතාවක්ම අඩපණ වීම නිසා තරගය දෙවරක්ම නතර කිරීමට සිදුවූ නමුත් සිය අවධානය ර‍්ඳවාගත් හෂීම් අම්ලා (56) සහ ක්වින්ටින් ඩි කොක් (29) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහ.
ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ නායක ඒ. බී. ඩිවිලියර්ස් පන්දු 28 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 69 ක් රැස්කළ අතර අත්‍යවශ්‍ය මොහොතේදී ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ජෝර්ඩ්න්ගේ උඩපන්දුවද රැකගනිමිනි තරගයේ වීරයා බවට පත්විය.
දකුණු අප‍්‍රිකාව - ඕවර 20 කදී කඩුලූ 5 කට ලකුණු 196
(හෂීම් අම්ලා 56, ක්වොන්ටම් ඩි කොක් 29, ඒ. බී. ඩිවිලියස් නොදැවී 69, ඬේවිඞ් මිලර් 19)
එංගලන්තය - ඕවර 20 කදී කඩුලූ 7 කට ලකුණු 193
(මයිකල් ලම්බ් 18, ඇලෙක්ස් හේල්ස් 38, ජොස් බට්ලර් 34, රවී බොපාරා 31, ක‍්‍රිස් ජෝඩාන් 16, ටිම් බ්‍රෙස්නන් නොදැවී 17, වේන් පනේල් 31/3, ඉම්රාන් තහීර් 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.