Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ල අවුරා කඩුලු රකින්නන්ගෙන් පිරෙයි
එල්.පී.එල්. වෙන්දේසිය

දඹුල්ල අවුරා කඩුලු රකින්නන්ගෙන් පිරෙයි

editorial - 2023 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දඹුල්ල අවුරා කණ්ඩායමට නම් දැරූ කඩුලු රකින ක්‍රීඩකයන් සිවුදෙනකුම ඇතුළත්ව සිටිම කැපී පෙනෙන සිදුවීමක් බවට පත්ව තිබේ. ක්‍රීඩක වෙන්දේසියට පෙර විදෙස් ක්‍රීඩකයන් දෙදෙනකු සහ දේශීය ක්‍රීඩකයන් දෙදෙනකු ඍජුවම ගිවිසුම්ගත කරගැනීම සඳහා හිමිවූ අවස්ථාවේදී කුසල් මෙන්ඩිස් සහ ඕස්ට්‍රේලියාවේ මැතිව් වේඩ් කණ්ඩායමට එක්කර ගත් දඹුල්ල අවුරා කණ්ඩායමේ හිමිකරුවෝ, ක්‍රීඩක වෙන්දේසියේදී කුසල් ජනිත් සහ සධීර සමරවික්‍රමද කණ්ඩායමට එක්කර ගනිමින් සිය කණ්ඩායමේ කඩුලු රකින්නන් සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ දමා ගත්හ.

වෙන්දේසියේදී ක්‍රීඩකයකු අලෙවි වූ තෙවැනි වැඩිම මුදල වූ ඇමරිකානු ඩොලර් 76,000 බැගින් ගෙවමින් ධනංජය ද සිල්වා සහ බිනුර ප්‍රනාන්දු සිය කණ්ඩායමට ඇතුළත් කරගත් දඹුල්ල කණ්ඩායම, සධීර වෙනුවෙන් ඩොලර් 68,000 ක්ද, කුසල් ජනිත් වෙනුවෙන් ඩොලර් 40,000 ක්ද වැය කළේය. ඇඝ්ගනිස්තාන දඟ පන්දු යවන ක්‍රීඩක නූර් අහමඩ් (ඩොලර් 50,000) වැඩිම මිලකට දඹුල්ල කණ්ඩායමට එක්වූ විදෙස් ක්‍රීඩකයා බවට පත්වෙද්දී, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන හේඩ්න් කේර්ට සහ ඇලෙක්ස් රෝස්ට මෙන්ම පාකිස්තාන ක්‍රීඩක ශහානවාස් දහානිට දඹුල්ල හිමිකරුවන් ගෙවූයේ ඩොලර් 20,000 බැගිනි. 

මේ දක්වා පැවැති එල්.පී.එල්. තරගාවලි 3 හිමි ශූරයන් බවට පත්ව සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙන්දේසියේදී මිලදී ගත්තේ ක්‍රීඩකයන් 21 දෙනෙකු පමණි. වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුෂංක වෙනුවෙන් ඩොලර් 92,000 ක්ද තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක වෙනුවෙන් ඩොලර් 80,000 ක්ද වැය කිරීමට කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවන් පියවර ගත් අතර එය වෙන්දේසියේදී ක්‍රීඩකයන් අලෙවි වූ ඉහළම ලන්සු දෙක බවටද පත්විය. ඩොලර් 56,000 කට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සිය කණ්ඩායමට ඇතුළත් කරගත් කිංග්ස් කණ්ඩායම, පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් සහ ඕස්ට්‍රේලියානු පිතිකරු ක්‍රිස් ලින් වෙනුවෙන්ද ඩොලර් 50,000 බැගින් වැය කළේය. 

බී-ලව් කැන්ඩි කණ්ඩායම වැඩිම මුදලකට මිලදී ගත් ක්‍රීඩකයා බවට කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් (ඩොලර් 72,000) පත් වූ අතර වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවෙන් ඩොලර් 70,000 ක්ද, තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් වෙනුවෙන් ඩොලර් 60,000 ක්ද ගෙවීමට කැන්ඩි කණ්ඩායම ඉදිරිපත් විය. ඇෆ්ඝනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක මුජිබුර් රහමන් හැරණු කොට කැන්ඩි කණ්ඩායම මිලදී ගත් සෙසු විදෙස් ක්‍රීඩකයන් පස්දෙනාම පාකිස්තාන ක්‍රීඩකයන් වූ අතර ඔවුන්ගෙන් වැඩිම මිලකට (ඩොලර් 34,000) හිමිකම් කීවේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් හස්නයින්ය. 

වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා ලෙස නවසීලන්ත පිතිකරු චැඩ් බොව්ස් හැඳින්විය හැකි අතර ඔහු සිය කණ්ඩායමට එක්කර ගැනීම සඳහා ගෝල් ටයිටන්ස් කණ්ඩායම ගෙවූ මුදල ඩොලර් 58,000 කි. වේග පන්දු යවන්නන් වන ලහිරු කුමාරට සහ කසුන් රාජිතට මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු සමරකෝන්ටද ඩොලර් 40,000 බැගින් ගෙවූ ටයිටන්ස් කණ්ඩායමේ හිමිකරුවෝ, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක බෙන් කටින් සහ නවසීලන්ත ක්‍රීඩක ටිම් සෙයිෆට් සිය කණ්ඩායමට එක්කර ගත්තේ ඩොලර් 30,000 බැගින් ගෙවමිනි. 

වෙන්දේසියේදී ක්‍රීඩකයන් මිලදී ගැනීම සඳහා අඩුම මුදලක් වියදම් කළ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම, වැඩිම මිලකට සිය කණ්ඩායමට ඇතුළත් කරගත ක්‍රීඩකයා වූයේ පාකිස්තාන පිතිකරු ඉෆ්තිකාර් අහමඩ්ය. ඔහු වෙනුවෙන් ඩොලර් 50,000 ක් ගෙවූ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ හිමිකරුවෝ, නිරෝෂන් දික්වැල්ල වෙනුවෙන් ඩොලර් 44,000 ක්ද, ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් වෙනුවෙන් ඩොලර් 40,000 බැගින්ද ගෙවීමට ඉදිරිපත් වූහ. 

දඹුල්ල අවුරා සංචිතය - 
කුසල් මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, කුසල් ජනිත්, සධීර සමරවික්‍රම, බිනුර ප්‍රනාන්දු, සචිත ජයතිලක, ජනිත් ලියනගේ, දුෂාන් හේමන්ත, ප්‍රමෝද් මධුෂාන්, ලක්ෂාන් එදිරිසිංහ, ජෙහාන් ඩැනියෙල්, වනුජ සහන්, කවිඳු පතිරත්න, රවිඳු ප්‍රනාන්දු, ට්‍රfවීන් මැතිව්, මනෙල්ක ද සිල්වා සහ ප්‍රවීන් ජයවික්‍රම

විදෙස් ක්‍රීඩකයෝ - මැතිව් වේඩ්, හේඩ්න් කේර්, ඇලෙක්ස් රෝස් (ඕස්ට්‍රේලියාව), ලුංගි න්ගිඩි (දකුණු අප්‍රිකාව), නූර් අහමඩ් (ඇෆ්ගනිස්තානය) සහ ශහානවාස් දහානි (පාකිස්තානය) 

ජැෆ්නා කිංග්ස් සංචිතය - 
තිසර පෙරේරා, මහීෂ් තීක්ෂණ, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, පැතුම් කුමාර, විජයකාන්ත් වියස්කාන්ත්, තීසාන් විතුෂාන්, අසංක මනෝජ්, නිෂාන් මධුෂ්ක, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, දිල්ෂාන් මධුසංඛ, අෂාන් රන්දික, රත්නරාජා තේනුකරන් සහ අසේල ගුණරත්න 

විදෙස් ක්‍රීඩකයෝ - රහ්මනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය), ඩේවිඩ් මිලර්, හාඩස් විලියන් (දකුණු අප්‍රිකාව), ෂොයිබ් මලික්, සමාන් ඛාන් (පාකිස්තානය) සහ ක්‍රිස් ලින් (ඕස්ට්‍රේලියාව) 

බී-ලව් කැන්ඩි සංචිතය - 
වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, දිනෙෂ් චන්දිමාල්, ඉසුරු උදාන, දුෂ්මන්ත චමීර, සහන් ආරච්චිගේ, අෂේන් බණ්ඩාර, නවෝද් පරණවිතාන, කමිඳු මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, චතුරංග ද සිල්වා, ලහිරු මධුසංඛ, මල්ෂ තරුපති, තනුක දාබරේ, ලසිත් අබේරත්න සහ අවිෂ්ක තරිඳු

විදෙස් ක්‍රීඩකයෝ - ෆකාර් සමාන්, මොහොමඩ් හස්නයින්, මොහොමඩ් හාරිස්, අසීෆ් අලී, ආමීර් ජමාල් (පාකිස්තානය) සහ මුජිබුර් රහමන් (ඇෆ්ගනිස්තානය) 

ගාල්ල ටයිටන්ස් සංචිතය - 
දසුන් ශානුක, භානුක රාජපක්ෂ, සීක්කුගේ ප්‍රසන්න, ලහිරු කුමාර, ලසිත් කෲස්පුල්ලේ, සොහාන් ද ලිවේරා, අෂාන් ප්‍රියංජන්, මිනෝද් භානුක, පසිඳු සූරියබණ්ඩාර, ෂෙවෝන් ඩැනියෙල්, මොහොමඩ් ශිරාස්, ලහිරු සමරකෝන්, කසුන් රාජිත, අකිල ධනංජය, සොනාල් දිනූෂ, අවිෂ්ක පෙරේරා, අනුක් ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු 

විදෙස් ක්‍රීඩකයෝ - තබ්‍රේස් ශම්ෂි (දකුණු අප්‍රිකාව), සකීබ් අල් හසන්, මොහොමඩ් මිතුන් (බංග්ලාදේශය), චැඩ් බෝව්ස්, ටිම් සෙයිෆර්ට් (නවසීලන්තය) සහ බෙන් කටින් (ඕස්ට්‍රේලියාව) 

කලම්බු ස්ට්‍රයිකර්ස් සංචිතය - 
මතීෂ පතිරණ, චාමික කරුණාරත්න, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, ලක්ෂාන් සඳකැන්, නිපුන් ධනංජය, මොවින් සුභසිංහ, ලහිරු උදාර, ඒෂාන් මාලිංග, ශෂික දුල්ෂාන්, නුවනිඳු ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, ඇංජලෝ පෙරේරා, ධනංජය ලක්ෂාන්, කවිෂ්ක අංජුල, රමේෂ් මෙන්ඩිස්, අහන් වික්‍රමසිංහ සහ යශෝධ ලංකා 

විදෙස් ක්‍රීඩකයෝ - බාබර් අසාම්, නසීම් ෂා, වහබ් රියාස්, ඉෆ්තිකාර් අහමඩ්, මොහොමඩ් නවාස් (පාකිස්තානය) සහ ලෝකන් ටකර් (අයර්ලන්තය)

 


අදහස් (0)

දඹුල්ල අවුරා කඩුලු රකින්නන්ගෙන් පිරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.