Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ල කඩුලු 2 කට 117 යි
ජාතික සුපිරි ලීගය

දඹුල්ල කඩුලු 2 කට 117 යි

editorial - 2024 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ අද (2 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි දඹුල්ල කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටියේය. 

දෙවැනි දිනය අවසානයේ සනෝජ් දර්ෂික හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 45 ක්ද, නායක මිනෝද් භානුක හතරේ පහර 5 ක් සමග ලකුණු 32 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. රනේෂ් සිල්වා (33) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සනෝජ් සමත් විය. 

පළමු දිනය වූ ඊයේ (1 වැනිදා) තරගය නරත කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 346 ක් ලබා සිටි ගාල්ල ක්‍රීඩකයෝ, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 173 ක් එක්කර ගත්හ. එහිදී පසිඳු සූරිබණ්ඩාර හතරේ පහර 9 ක් සමග ලකුණු 148 ක් රැස්කළ අතර ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 78 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගිනි. 

ධනංජය ලක්ෂාන් හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 69 ක්ද, මොහොමඞ් ශමාස් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 46 ක්ද, නිමේෂ් විමුක්ති හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 26 ක්ද රැස්කරමින් ගාල්ල පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.  


ගාල්ල පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 519 
(ඕෂධ ප්‍රනාන්දු 127, පසිඳු සූරියබණ්ඩාර 148, ලක්ෂාන් එදිරිසිංහ 78, මොහොමඞ් ශමාස් 46, ධනංජය ලක්ෂාන් 69, නිමේෂ් විමුක්ති නොදැවී 26, චමිඳු විජේසිංහ 70/3) 

දඹුල්ල පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 117
(රනේෂ් සිල්වා 33, සනෝජ් දර්ෂිංක නොදැවී 45, මිනෝද් භානුක නොදැවී 32) 


අදහස් (0)

දඹුල්ල කඩුලු 2 කට 117 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.