Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ල ක්‍රීඩාංගණයේ නවතම පහසුකම්

දඹුල්ල ක්‍රීඩාංගණයේ නවතම පහසුකම්

editorial - 2024 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවතම පිහිනුම් තටාකයක්, ජල ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, ආබාධිත ක්‍රීඩකයන් සඳහා වන පුනරුත්ථාපන ඒකකයක් මෙන්ම නවීනතම විදුලි ආලෝක පද්ධතියක් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයට එක්වී තිබේ. මෙම සියලුම පහසුකම් හෙට (05 වැනිදා), ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී විවෘත කෙරෙයි. ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක සහ ඉඩම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා මෙම උත්සවයට සහභාගි වනු ඇත. 

උතුර, උතුරු මැද සහ වයඹ පළාත් වෙනුවෙන් පිහිටුවා ඇති දස්කම් වැඩිදියුණු කිරීමේ මධ්‍යස්ථානය වන දඹුල්ල ක්‍රීඩාංගණයට මෙම පහසුකම් එක් කෙරෙනු ඇත. 

මෙම පළාත්බදව පිහිටි 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ කණ්ඩායම් මෙන්ම වයස 23 න් පහළ කාන්තා සහ පිරිමි කණ්ඩායම් වලටත් මෙම පහසුකම් භාවිතා කිරීමේ අවස්ථාව ලැබෙනු ඇත. මෙම පහසුකම් විවෘත කිරීමට අමතරව, ගෘහස්ථ පුහුණු ශාලාවකට, නව මාධ්‍ය කුටියකට සහ ප්‍රේක්‍ෂකාගාර සංවර්ධනය කිරීම සඳහාත් ජනාධිපතිවරයා මුල් ගල් තැබීමට නියමිතය. 

- 213


අදහස් (0)

දඹුල්ල ක්‍රීඩාංගණයේ නවතම පහසුකම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.