Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ල පිලට කඩුලු 5 ක ජයක්

දඹුල්ල පිලට කඩුලු 5 ක ජයක්

Nisanka Sandeepani - 2018 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගය කඩුලු 6 කින් ජයගැනීමට දඹුල්ල කණ්ඩායම අද (11 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායම ඕවර 36.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකිරීමට සමත්විය.

වේගවත් ආරම්භයක් ලබාගත් සඳුන් වීරක්කොඩි ශතකය පෙනි පෙනී ලකුණු 4 ක් මෙපිටින් දැවී ගියේය. පන්දු 83 කට මුහුණදුන් සඳුන් වීරක්කොඩි හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 96 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

අශාන් ප්‍රියංජන් සමගින් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 54 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අශාන් ප්‍රියංජන් සිවුවැනි කඩුල්ල සදහාද සචිත්‍ර සේරසිංහ සමගින් එක්ව ලකුණු 75 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායමට ඕවර 39.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 162 ක් පමණී.

කොළඹ කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 27 ක් තුළ දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට අශාන් ප්‍රියංජන් ඇතුළු පන්දු යවන්නෝ සමත්වූහ. ඕවර 4.4 ක් යැවූ අශාන් ප්‍රියංජන් ලකුණු 11 කට කඩුලු 3 ක් දවාගත් අතර සචිත්‍ර සේරසිංහ සහ තිලකරත්න සම්පත් කඩුලු 2 බැගින් දවාගත්හ.

ලකුණු 49 ක් රැස්කළ ලසිත් අබේරත්න කොළඹ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර කමිඳු මෙන්ඩිස් සහ ඇන්ජලෝ පෙරේරා ලකුණු 33 බැගින් රැස්කිරීමට සමත්වූහ.


කොළඹ කණ්ඩායම - ඕවර 39.4 කදී සියලුදෙනා දැවී ලකුණු 162
(කමිඳු මෙන්ඩිස් 33, ලසිත් අබේරත්න 49, ඇන්ජලෝ පෙරේරා 33, තිසර පෙරේරා 23, අශාන් ප්‍රියංජන් 11/3, සචිත්‍ර සේරසිංහ 20/2, තිලකරත්න සම්පත් 42/2)

දඹුල්ල කණ්ඩායම - ඕවර 36.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 166
(සඳුන් වීරක්කොඩි 96, සචිත්‍ර සේරසිංහ නොදැවී 29, සචින්ත පිරීස් 31/2)

 


ඡායාරූපය - චතුර කොඩිකාර

 


අදහස් (0)

දඹුල්ල පිලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.