Last Update  :  2025-04-26 13:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ල ලකුණු 154 ක් පසුපසින්
ජාතික සුපිරි ලීගය

දඹුල්ල ලකුණු 154 ක් පසුපසින්

editorial - 2025 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ යාපනය කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (22 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි දඹුල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 264 ක් ලබා සිටියේය. 

ඒ අනුව දඹුල්ල කණ්ඩායම තවත් කඩුලු 4 ක් අතැතිව යාපනය කණ්ඩායමට වඩා ලකුණු 154 ක් පසුපසින් සිටියි. තරගය නතර කරන විට විෂාද් රන්දික හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 42 ක්ද, චමිඳු විජේසිංහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 26 ක්ද ලබා සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව දඹුල්ල ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණු 61 කි. 

පෙරේදා (21 වැනිදා) තරගය නිමාවට පත්වන විට කඩුල්ලක් දැවී ලකුණු 54 ක් ලබා සිටි දඹුල්ල ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 210 ක් එක්කර ගත්හ. එහිදී දිනුර කළුපහණ (55) සහ සම්මු අෂාන් (71) අර්ධ ශතක ලැබූහ. යාපනය කණ්ඩායම වෙනුවෙන් ඉසිත විජේසුන්දර සහ නිමේෂ් විමුක්ති කඩුලු 2 බැගින් දවාගත්හ. 


යාපනය පළමු ඉනිම - ඕවර 107 කදී සියලු දෙනා දැවී 418 
(රවිඳු රෂාන්ත 120, තනුක දාබරේ 33, ඇන්ජලෝ මැතිව්ස් 64, ජනිත් ලියනගේ නොදැවී 79, නිරෝෂන් දික්වැල්ල 70, දුලාජ් සමුදිත 88/3, අකිල ධනංජය 164/3) 

දඹුල්ල පළමු ඉනිම - ඕවර 82 කදී කඩුලු 6 ක් දැවී 264 
(නිෂාන් මධුෂංක 24, රොන් චන්ද්‍රගුප්ත 20, දිනුර කළුපහණ 55, සම්මු අෂාන් 71, විෂාද් රන්දික නොදැවී 42, චමිඳු විජේසිංහ නොදැවී 26, ඉසිත විජේසුන්දර 52/2, නිමේෂ් විමුක්ති 74/2) 

-036 


අදහස් (0)

දඹුල්ල ලකුණු 154 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.