Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
රට පුරාම පවතින වර්ෂාව දඹුල්ලටත් පැතිරීම හේතුවෙන් ශ්රී ලංකා යොවුන් කණ්ඩායම සහ බටහිර ඉන්දීය යොවුන් කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්රීඩාංගණයේදී පැවැත්වෙන සිව්දින තරගයේ තුන්වැනි දිනය වූ අද (07 වැනිදා) දිවා ආහාරයෙන් පසුව ක්රීඩාව අතහැර දැමීමට සිදුවිය. අද පෙරවරු 11.30 ට පමණ වර්ෂාව නිසා තරගය නතර කරන විට කොදෙව් යොවුන් කණ්ඩායම, සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 119 ක් ලබා සිටියේය.
පළමු දිනයේදී අපතේ ගිය කාලය අත්පත් කරගැනීම සඳහා පෙරවරු 9.45 ට තරගය ආරම්භ කළ නමුත් යැවිය හැකිවූයේ ඕවර කිහිපයකි. ඒ අතරවාරයේදී වමත් පිතිකරු ජෝර්ඩ්න් ජොන්සන් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. පැය එක හමාරක පමණ කාලයක් පිටියේ සිටි ජොන්සන්ගේ ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහරකින් සමන්විත විය.
ස්ටීවන් පැස්කල් ලකුණු 11 කට දැවී යාමෙන් පසුව ජොන්සන් සමගින් එක්වූ ස්ටීවන් වැඩර්බර්න් (නොදැවී 28), වර්ෂාව නිසා තරගය නතර කරන විට, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ. මේ අතරවාරයේදී ඕවර 11 ක් යැවූ වමතින් දඟ පන්දු යවන විශ්ව ළහිරු කඩුලු 2 ක් දවාගත්තේ දඟ පන්දු යවන්නන් හමුවේ කොදෙව් පිතිකරුවන් දක්වන දුර්වලතාව යළිත් වරක් සනාථ කරමිනි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා 19 න් පහළ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 කට ලකුණු 432 ක් ලබාගත්තේය.
ශ්රී ලංකා යොවුන් කණ්ඩායම - පළමු ඉනිම කඩුලු 8 ක් දැවී 432 යි
(පුලිඳු පෙරේරා 71, සිනෙත් ජයවර්ධන 34, රවිශාන් නෙත්සර 31, දිනුර කළුපහන නොදැවී 150, ශාරුජන් ශන්මුගනාදන් 17, මල්ෂ තරුපති 65, විහස් තෙව්මික 35, ඉසායි තෝන් 58/2, නේතන් සීලි 100/2, තරීක් එඩ්වඩ් 99/3)
බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම - පළමු ඉනිම කඩුල්ලක් දැවී 119 යි
(ඒඩි්රයන් වියර් 15, ස්ටීවන් පැස්කල් 11, ජෝර්ඩ්න් ජොන්සන් නොදැවී 54, ස්ටීවන් වැඩර්බර්න් නොදැවී 28, විශ්ව ළහිරු 22/2)
ජෝර්ඩ්න් ජොන්සන්...
විශ්ව ළහිරු...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.