Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ලබන මස මුල් සතියේදී ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා උපනායකයන් දෙදෙනකු පත්කර තිබේ. නායකත්වයේ සිටියද, දස්කම් අතර නිරන්තරයෙන් රැඳී සිටීමේ අර්බුදයකට මුහුණ දී සිටින දසුන් ශානක පීඩනයට පත්කරමින් ඔහුගෙන් උපරිමය ලබාගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අභිලාෂයයි.
මෙම කාරණාව පෙරදැරි කරගනිමින්, ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදී දසුන් ශානකගේ උප නායකයා වශයෙන් වනිඳු හසරංගත්, එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා වශයෙන් කුසල් මෙන්ඩිස්වත් පත්කර තිබේ.
වසර දෙක තුනක සිටම ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේත්, එක්දින කණ්ඩායමේත් නායකත්වය දරන දසුන් ශානක ඉඳහිට සාර්ථකත්වයක් පෙන්නුම් කරන නමුත් සිය දස්කම් දිගින් දිගටම පවත්වාගෙන යාමේ අසීරුතාවකට මුහුණ දී සිටිී. පසුගිය අගෝස්තුවේදී ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව පල්ලෙකැළේදී පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී නොදැවී ලකුණු 54 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගිය දසුන් ශානකගේ ඊළඟ ඉනිම 5 (එක්දින තරග වලදී) සටහන් වූයේ ලකුණු 6, 34, 0, 4 සහ 1 ක් වශයෙනි. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් නමුත් එහි තරග 5 කදී දසුන්ගේ ලකුණු සංඛ්‍යාව 45 කි.
ගෙවී යන 2022 වසරේදී එක්දින පිතිකරුවකු ලෙසින් (සාමාන්‍යය 25.66) අසාර්ථක වූ නමුත් විස්සයි-20 පිතිකරුවකු වශයෙන් (සාමාන්‍යය 27.61) සාධාරණ වාර්තාවක් පවත්වා ගැනීමට දසුන් සමත් වී තිබේ. එසේ වුවත් දසුන්ගේ පන්දු යැවීමේ වාර්තාව ඔහුට කළ හැකි මට්ටමෙන් බොහෝ පහළින් පවතින්නකි.
2022 වසර පුරාම එක්දින තරග 11 කට ක්‍රීඩා කළ දසුන් යවා ඇත්තේ ඕවර 17 කි. එහිදී ප්‍රතිවාදී පිතිකරුවන්ට, ඕවරයකදී ලකුණු 8.00 ක් ලබාගැනීමට අවසර දී ඇති නමුත්, එක්දින තරග 11කදී දසුන් විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 2 කි.
විස්සයි-20 තරග 25 කට ක්‍රීඩා කර ඇති දසුන් ශානකගේ ඕවර 14 කින් ප්‍රතිවාදී පිතිකරුවන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 144 කි. සාමාන්‍යය ඕවරයකදී ලකුණු 10.28 කි. එහෙත් මෙම තරග 25 දීම දසුන්ට දවාගත හැකිව ඇත්තේ කඩුලු 4 ක් පමණි.
මෙම තත්ත්වයන් යටතේ දසුන් ශානක තවදුරටත් කණ්ඩායමේ මගියකු නොකර, ඔහුගෙන් කණ්ඩායමට ලබාගත හැකි දේ උපරිම වශයෙන් ලබාගැනීම සඳහා නායකයා පීඩනයට පත්කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අපේක්ෂාවයි.
“ඉන්දියාවේ ප්රබලතම ක්‍රීඩකයන් වන විරාට් කෝලි, ලෝකේෂ් රාහුල්, රෝහිත් ෂර්මා විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කරන්නේ නෑ. ඒත් එක්දින තරගාවලියට එනවා..... මේ තුන්දෙනා ක්‍රීඩා කළත් නැතත්, ඉන්දියාවත් එක්ක මොන තරගාවලියට ක්‍රීඩා කළත් ඒක අමාරු තරගාවලියක්”
“අන්න ඒ හින්දා අපි මේ වෙලාවේ අලුත් නායකයෙක් පත්කරන්නේ නෑ. මොකද එහෙම කළොත් ඒක එයාටත් අධික පීඩනයක් වෙන නිසා එයාගෙනුත් හොඳ හරිය ගන්න බැරිවෙනවා” යන්න තේරීම් කමිටුවේ මතයයි.
පිතිකරු ලයිස්තුවේදී දසුන් ශානක පන්දුවට පහරදීමට පැමිණෙන්නේ අංක 7 හෝ ඊට පහළිනි. එබැවින් පන්දු යැවීමත් ඔහුගේ ප්‍රධාන කාර්යයන්ගෙන් එකකි. තරග 25 කදී, ඕවර 14 කින් කඩුලු 4 ක් දවාගැනීම තේරීම් කමිටුව තෘප්තිමත් කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.
අනෙක් අතට වනිඳු හසරංග මෙන්ම කුසල් මෙන්ඩිස් දෙදෙනාම ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගත නායකයන් ලෙසින් දැනටමත් හඳුනාගෙන තිබේ. ඔවුන් දෙදෙනාගේ දස්කම් මෙන්ම කැපවීම මත, 2024 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී නායකත්වය ඔවුන් දෙදෙනාගෙන් අයකු වෙත පැවරෙනු ඇතැයි ද කියැවේ.
මේ සියලු කාරණා සම්පිණ්ඩනය කිරීමේදී දසුන්ගේ නායකත්වය දංගෙඩිය මත තිබෙන බවත්, ලබන වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය දක්වා හෝ එය රැකගැනීම දසුන් හමුවේ පවතින අභියෝගයක් බවත් නොරහසකි.
මේ වසර මුලදී ඕස්ට්‍රේලියාවේදී පැවැති තරගාවලියකදී දණහිසේ ආබාධයකට ලක්වූ අවිශ්ක ප්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබේ. නිමාවූ එල්.පී.එල්. තරගාවලියේ දක්ෂතම පිතිකරුවා වූ අවිශ්ක එහිදී තරග 10 කදී ලකුණු 339 ක් ලබාගත්තේ ඉනිමක් සඳහා ලකුණු 37.66 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. ආරම්භක පිතිකරුවකු වන අවිශ්ක 2022 එල්. පී.එල්. තරගාවලියේදී ලකුණු ලබාගත් ප්‍රවේගය පන්දු 100 කට ලකුණු 124.63 ක් විය.
අවිශ්කට මෙන්ම එල්.පී.එල්. තරගාවලියේ වීරයා වූ සධීර සමරවික්රමද ඉන්දීය සංචාරය සඳහා තෝරාගනු ලැබ ඇත. 2022 එල්.පී.එල් තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා (294) වූ සධීරගේ ඉනිමක සාමාන්‍යය 58.00 කි. ප්‍රහාරාත්මක වේගය පන්දු 100 කට ලකුණු 131.25 කි.
ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, අශේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුශංක, කසුන් රාජිත, නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුශාන්, ළහිරු කුමාර සහ නුවන් තුෂාර
Sk Thursday, 29 December 2022 04:47 PM
නායකයෝ වැඩි වැඩනම් කොහොමද කියලා බලමු...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.