Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දැවැන්ත බලාපොරොත්තු කඩවීමක් - මැතිව්ස්

දැවැන්ත බලාපොරොත්තු කඩවීමක් - මැතිව්ස්

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ඊයේ (03) පැවැති තෙවැනි එක්දින තරගයෙන් පරාජයට පත්වූයේ දුර්වල පන්දු යැවීම සහ පන්දු රැකීම නිසා බව ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

තරගය අවසන් වීමෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මැතිව්ස් මෙසේ ද පැවසිය.

‘‘පරාජයට පිළිබදව මම ගොඩක් කණගාටු වෙනවා. අපි ලකුණු 242 ක් රැුස්කරමින් හොද ආරම්භයක් ලබා ගත්තා. තිරිමාන්න හොද ඉනිමක් ක‍්‍රීඩා කළා. ඩිල්ෂාන් නැවත හොද ආරම්භයක් ලබා දුන්නා. ඒ වගේම සංගක්කාර හොද ඉනිමක් ක‍්‍රීඩා කරමින් සටනක් දෙන්න පුඵවන් ලකුණු සංඛ්‍යාවකට ගෙන ආවා”

”දුර්වල පන්දු රැකීම සහ පන්දු යැවීම නිසා පරාජයට පත්වීමට සිදුවුණා. එංගලන්ත පිල හොදින් පන්දුවට පහර දුන්නා. අපේ පන්දු යවන්නේ දුර්වල පන්දු යැවුවා. උඩපන්දු කීපයක් අතහැරියා, නිපන්දු යැවුවා. ඒ ගැන කිසිදු සමාවක් දෙන්න බෑ”

”අපි බලාපොරොත්තුව සිටියා එංගලන්ත පිල කොයිවෙලාවෙ හෝ දස්කම් අතරට එයි කියලා. එය මේ තරගය බවට පත්වුණා. එංගලන්ත පිල ඉතාමත් හොදින් ක‍්‍රීඩා කළා....236 ක් කියන්නේ  ඕවර 35 කට හොද ලකුණු සංඛ්‍යාවක්. පන්දු රැුකීම ඉතාමත් දුර්වල තත්ත්වයක තිබුණේ”
හොදින් පන්දු යවමින් සිටි ධම්මික ප‍්‍රසාද් යැවූ ඉනිමේ 32 වැනි  ඕවරයට ලකුණු 21 ක් රැුස්කිරීම පිළිබ`දව ඇන්ජලෝ මැතිව්ස් මෙසේ අදහස් පළ කළේය.

”ඒ පිළිබදව කණගාටුයි. දග පන්දු යවන්නන්ට පන්දුව අල්ලා ගැනීම අමාරුවූ නිසායි මම වේග පන්දු යවන්නකු යෙදෙව්වේ. නමුත් ඒ  ඕවරයේ ඔහුට අවශ්‍ය ආකාරයට පන්දු යවන්න බැරි වුණා. මම හිතන්නේ ඒ නිසා තමයි ලකුණු 21 ක් වගේ විශාල සංඛ්‍යාවක් ලබාගත්තේ”

ප‍්‍රධාන දග පන්දු යවන්නකු වන ජීවන් මෙන්ඩිස්  ඕවර දෙකක් පමණක් යැවීමට යොදා ගැනීම පිළිබ`දව කළ විමසුමේදී මැතිව්ස් මෙසේ පැවසීය.

”අපේ හොදම දග පන්දු යවන්නන් දෙදෙනා රංගන සහ අජන්ත. ඔවුන් තමයි පසුගිය තරගවලදී කඩුලූ ලබාගත්තේ. මම ඒ නිසා ඔවුන්ට පන්දු යැවීමේ අවස්ථාව ලබා දුන්නා, නමුත් එය හොද අතට පත්වණේ නෑ. ඉදිරියේදී ජීවන්ට අවස්ථාව ලබා දෙනවා”

එංගලන්ත පිල වේග පන්දු යවන්නන් වැඩි කරමින් වේග පන්දු යවන්නන් සිවුදෙනකු සමග ක‍්‍රීඩා කරද්දී ශ‍්‍රී ලංකාව දග පන්දු යවන්නන්ගෙන් ක‍්‍රීඩා කිරීම පිළිබදව මැතිව්ස් කරුණු පැහැදිළි කළේය.

”එංගලන්තයට වේග පන්දු යවන්නන් හතරක් ගැහුවා කියලා අපේ ශක්තිය අනුව විශේෂයෙන් ලංකාවේ ක‍්‍රීඩා කරන විට අපි දග පන්දු යවන්නන් යොදාගත යුතුයි. පසුගිය තරගවලදී කඩුලූ දවා ගත්තේ දග පන්දු යවන්නන්. තණතීරුව බැලූවම අපිට හිතතුනේ නෑ තව වේගපන්දු යවන්නකු අවශ්‍ය වෙයි කියලා”

”වැස්ස කොයි වෙලාවේ එයිද කියන එන ගැන කියන්න බැරි නිසාත්, මේ තණතීරුව තරගය ආරම්භ කරන්න පෙර මන්දගාමී ස්භාවයක් තිබුණ නිසාත් පෙර තරගවලදී මෙන්ම අජන්ත සහ රංගන යොදාගෙන කණ්ඩායම වෙනස් නොකරන්න තීරණය කළා. මම හිතන්නේ වර්ෂාවෙන් පසුව වතුර වැටිලා තණතීරුව තද වුණා ඊට පසුව තමයි පන්දුව හොදට පිත්තට ආවේ”

එංගලන්ත පිල පිට පිටම පරාජ දෙකක් ලැබීම එංගලන්ත මාධ්‍යවල දැඩි විවේචනයට ලක්කරමින් සිටියදී ලැබූ ජය පිළිබදව තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නායකයා ලෙස ඇලිස්ටෙයාර් කුක් දැඩි සතුටින් යුතුව අදහස් දැක්වීය.

”මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලිය පිළිබ`දව බලාපොරොත්තු තබා ගැනීමේ අවස්ථාව තියෙනවා. පසුගිය තරග දෙකට වඩා මෙහිදී අපි හොදින් ක‍්‍රීඩා කළා. අපිට පන්දුවට පහර දීමට ගියේ ජයගන්න පුඵවන් කියන හොද විශ්වාසයක් ඇතිවයි” යයිද එංගලන්ත නායකයා පැවසීය.


අදහස් (2)

දැවැන්ත බලාපොරොත්තු කඩවීමක් - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.