Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දින 5 කදී අර්ධ අවසන් පූර්ව තරග 16 ක්

දින 5 කදී අර්ධ අවසන් පූර්ව තරග 16 ක්

ශානුක අරවින්ද - 2021 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමයෙන් පසුව වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග ආරම්භ වේ. අවසන් වටයේ තරග ආරම්භ කරමින් මේ මස 18 වැනිදා සිට දින 5 ක් තුළ, එනම් 22 වැනිදා දක්වා, I වැනි කොටසේ සහ II වැනි කොටසේ කණ්ඩායම් 32 ක් අතර අර්ධ අවසන් පූර්ව තරග 16 ක් පැවැත්වෙනු ඇත. 

ඉන් අර්ධ අවසන් පූර්ව තරග 8 ක් I කොටසේ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ යටතේද, සෙසු අර්ධ අවසන් පූර්ව තරග 8, II කොටසේ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ යටතේද පැවැත්වෙනු ඇත. මෙම එක් එක් කාණ්ඩ සඳහා මැයි මස 2 වැනිදා වන වෙනම ශූරයෝ සිව් දෙනෙක් තෝරා ගැනෙති. 

I කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව තරග මේ මස 28 වැනිදාද, ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව තරග 25 වැනිදාද පැවැත්වීමට නියමිත අතර II කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව තරග 26 වැනිදාද, ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව තරග 24 වැනිදාද පැවැත්වීමට නියමිතය. 

තරගාවලියේ නිමාව සනිටුහන් කරමින් I කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගය මැයි මස 1 වැනිදාත්, ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගය මැයි මස 2 වැනිදාත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. II කොටසේ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවල අවසන් මහ තරග පිළිවෙලින් මේ මස 30 වැනිදා සහ මස 29 වැනිදා පැවැත්වීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. 

තරග කාල සටහන 

පළමු කොටස - ‘ඒ’ කාණ්ඩය 

1 - කොළඹ රාජකීය විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර 19 වැනිදා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී 

2 - කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර 20 වැනිදා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී 

3 - මහනුවර ත්‍රිත්ව විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර 19 වැනිදා කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී 

4 - මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර 20 වැනිදා කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේදී 

පළමු කොටස - ‘බී’ කාණ්ඩය 

1 - බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර 21 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 

2 - රත්ගම දේවපතිරාජ විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර 22 වැනිදා කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේදී 

3 - ගාල්ල මහින්ද විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල අතර 22 වැනිදා මොරටුව වේල්ස්කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී 

4 - කොළඹ ආනන්ද විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර 21 වැනිදා මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී 

දෙවැනි කොටස - ‘ඒ’ කාණ්ඩය 

1 - පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ පිළියන්දල මැදි විදුහල අතර 21 වැනිදා මහනුවර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී 

2 - කැලණිය ධර්මාලෝක විදුහල සහ කළුතර සිරිකුරුස විදුහල අතර 21 වැනිදා බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී 

3 - පානදුර ශාන්ත ජෝන් විදුහල සහ පාදුද්ක සිරි පියරතන විදුහල අතර 22 වැනිදා වත්තල ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී 

4 - මාතර රාහුල විදුහල සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර 19 වැනිදා මරදාන ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩාංගණයේදී 

දෙවැනි කොටස - ‘බී’ කාණ්ඩය 

1 - ශ්‍රී ජයවර්ධනපුර මැදි විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර 18 වැනිදා වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී 

2 - බලපිටිය රේවත විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල අතර 21 වැනිදා කොළඹ නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී 

3 - ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර 20 වැනිදා අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 

4 - මාතලේ ශාත්ත තෝමස් විදුහල සහ හොරණ තක්ෂිලා විදුහල අතර 21 වැනිදා කුරුණෑගල මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී 

 


අදහස් (0)

දින 5 කදී අර්ධ අවසන් පූර්ව තරග 16 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.