Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිමුත් - සදීර - වනිඳු ශ්‍රී ලංකාව දිනවති
සුදුසුකම් ලැබීමේ තරගාවලිය

දිමුත් - සදීර - වනිඳු ශ්‍රී ලංකාව දිනවති

editorial - 2023 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(ශානුක අරවින්ද) 
 
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර අද (25 වැනිදා) බුලවායෝහිදී පැවැති තරගයෙන් ලකුණු 133 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් මෙම තරගාවලිය තුළ සිය අපරාජිත බව රැකගැනීමටද ශ්‍රී ලංකාවට හැකිවිය. 
 
ජයග්‍රහණය සඳහා ලකුණු 326 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය අයර්ලන්තයට වනිඳු හසරංග ප්‍රමුණ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 31 ක් අවසන් වන විට සියලු දෙනා ලබාගත හැකි වූයේ ලකුණු 192 ක් පමණි. එහිදී පිට පිටම තෙවැනි වරටත් දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු ලකුණු 79 කට කඩුලු 5 ක් දවාගත් අතර ඒ සමග මෙම තරගාවලිය තුළ මේ දක්වා තරග 3 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 16 ක් දක්වා ඉහළ ගියේය. 
 
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 325 ක් ලබා ගත් අතර එහිදී පන්දු 103 කට මුහුණදුන් දිමුත් කරුණාරත්න (103) හතරේ පහර 8 ක් සමග සිය මංගල එක්දින ශතකය ලබාගනිමින් තරගයේ වීරයා බවටද පත් විය. ඉන් ලකුණු 71 ක්ම ඔහු කඩුලු අතර දිවයමින් රැස්කළ ලකුණු වීමද එහිදී කැපී පෙනෙන සිදුවීමක් විය. 
 
මුලු ලකුණු සංඛ්‍යාව 48 ක් වන විට බැරී මැකාතිගේ පන්දුවක් හමුවේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 20 කට දැවී ගිය අතර ඊලඟ පන්දුවේදීම කුසල් මෙන්ඩිස්ද ලකුණු නොලබා දැවී යෑමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්වයකට පත්විය. එහෙත් සදීර සමරවික්‍රම (82) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 159 කදී ලකුණු 168 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ දිමුත්, ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්වයකට ගෙන ආවේය. 
 
පන්දු 86 කදී වාර්තා වූ සදීරගේ තෙවැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 4 කින් සමන්විත විය. චරිත් අසංලක පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 38 ක්ද, ධනංජය ද සිල්වා පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 42 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.  
 
කෙසේ වුවත් චරිත්ගේ දැවී යෑමෙන් පසුව පිටියට පිවිසි නායක දසුන් ශානකට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර බැරී මැකාතිගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 7 කදී ඔහු ලබා සිටියේ ලකුණු 5 ක් පමණි. මෙම ඉනිමද සමග අවසන් වරට ක්‍රීඩා කළ එක්දින ඉනිම් 8 දී දසුන් රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 90 ක් වූ අතර එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 11.25 ක් ලෙස සටහන් විය. 
 
ඕවර 46 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 299 ක් ලබා ප්‍රබල තත්වයක පසු වූ නමුත් දසුන්ගේ දැවී යෑමත් සමග එය ලකුණු 299 කට කඩුලු 6 ක් බවට පත් විය. ඉන් අනරුව ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන්ට ලකුණු අතර පැමිණීමට ඉඩක් ලබා නොදුන් අයර්ලන්ත පන්දු යවන්නෝ, ලකුණු 26 ක් ඇතුළත පන්දුවක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 4 බිඳ දැමූහ. 
 
ලකුණු පුවරුව 
 
ශ්‍රී ලංකාව 
 
පැතුම් නිස්සංක - ඇ.ඩෙලනි ප.මැකාති 20 
දිමුත් කරුණාරත්න - ප.අඩෙයර් 103 
කුසල් මෙන්ඩිස් - ක.මු. කළා ප.මැකාති
සදීර සමරවික්‍රම - ඇ.ටෙක්ටර් ප.ඩෙලනි 82 
චරිත් අසලංක - ඇ.කැම්පර් ප.ඩෙලනි 38  
ධනංජය ද සිල්වා - නොදැවී 42
දසුන් ශානක - ඇ.ඩොක්‍රෙල් ඇ.මැකාති 5
වනිඳු හසරංග - ඇ.ලිට්ල් ප.අඩෙයර් 4
මහීෂ් තීක්ෂණ - ඇ.ටකර් ප.අඩෙයර්
ළහිරු කුමාර - ඇ. සහ ප.අඩෙයර් 4
කසුන් රාජිත - දුවද්දී දැවී ගියා 0
අතිරේක 27
එකතුව ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 325 
කඩුලු වැටීම : 
1-48(පැතුම්), 2-48(කුසල්), 3-216(සදීර), 4-235(දිමුත්), 5-281(චරිත්), 6-299(දසුන්), 7-304(වනිඳු), 8-304(මහීෂ්), 9-325(ළහිරු) 10-325(කසුන්)  
පන්දු යැවීම : 
ජොෂුවා ලිට්ල් 8-0-78-0, බැරී මැකාති 9-1-56-3, මාර්ක් අඩෙයර් 9.5-1-46-4, ඇන්ඩි මැක්බ්‍රයන් 6-0-36-0, කර්ටිස් කැම්පර් 3-0-19-0, ජෝජ් ඩොක්‍රෙල් 4-0-33-0, ගැරිත් ඩෙලනි 10-0-52-2 
 
අයර්ලන්තය 
 
ඇන්ඩි මැක්බ්‍රයන් - ඇ.ළහිරු ප.රාජිත 17 
පෝල් ස්ටර්ලින් - ඇ.කුසල් ප.ළහිරු
ඇන්ඩෘ බැල්බර්නි - ක.මු. කළා ප.වනිඳු 12 
හැරී ටෙක්ටර් - ක.මු. කළා ප.වනිඳු 33 
ලෝකන් ටකර් - ප.දසුන්
කර්ටිස් කැම්පර් - ඇ.කුසල් ප.තීක්ෂණ 39 
ජෝජ් ඩොක්‍රෙල් - නොදැවී 26 
ගැරිත් ඩෙලනි - ප.වනිඳු 19 
මාර්ක් අඩෙයර් - ඇ.ශානක ප.වනිඳු
බැරී මැකාති - ඇ.ළහිරු ප.තීක්ෂණ 5
ජොෂුවා ලිට්ල් - ඇ. සහ ප.වනිඳු 20 
අතිරේක 11 
එකතුව ඕවර 31 කදී සියලු දෙනා දැවී 192 
කඩුලු වැටීම : 
1-21(පෝල්), 2-39(ඇන්ඩි), 3-57(ඇන්ඩෘ), 4-58(ලෝකන්), 5-86(හැරී), 6-116(කර්ටිස්), 7-141(ගැරීත්), 8-148(මාක්), 9-162(බැරී), 10-192(ජොෂුවා) 
පන්දු යැවීම : 
කසුන් රාජිත 5-1-22-1, ළහිරු කුමාර 5-0-33-1, දසුන් ශානක 5-0-21-1, වනිඳු හසරංග 10-0-79-5, මහීෂ් තීක්ෂණ 6-0-28-2 

අදහස් (0)

දිමුත් - සදීර - වනිඳු ශ්‍රී ලංකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.