Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය - ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කළ හත්වැනියා මෙන්ම එකම ආරම්භක පිතිකරුවා වූ දිමුත් කරුණාරත්නගේ අවසන් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට උපහාර දැක්වීය. ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) පෙරවරුවේ තරගය ආරම්භ වීමට පෙර, පැවැති දිමුත්ට උපහාර දැක්වීමේ අවස්ථාවට දිමුත් කරුණාරත්නගේ පියා වන ලාල් කරුණාරත්න මහතාත්, මව චන්දි්‍රකා කරුණාරත්න සහ බිරිඳ ද සහභාගි වූහ.
දිමුත්ගේ 100 වැනි ටෙස්ට් තරගය සඳහා පිරිනැමුණු සුවිශේෂී හිස්වැස්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කර ඇති සනත් ජයසූරිය විසින් දිමුත්ට පළඳවන ලදි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ අමිල මෙහෙවර වෙනුවෙන් සකස් කරන ලද විශේෂ තිළිණය ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස මහතා විසින් දිමුත්ට පිරිනමන ලදි.
ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, සීමිත ඕවර කණ්ඩායම් නායක චරිත් අසලංක, ඕස්ටේ්‍රලියානු නායක ස්ටීවන් ස්මිත් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු මහින්ද හලංගොඩ යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු කිහිප දෙනෙක්ම මෙම අවස්ථාවට සහභාගි වූහ.
(ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.