Last Update  :  2025-01-22 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිල්ලි ක්‍රීඩකයෝ රාජස්ථාන් පරදවති
අයි.පී.එල්. - 2024

දිල්ලි ක්‍රීඩකයෝ රාජස්ථාන් පරදවති

editorial - 2024 මැයි මස 07 198 Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 56 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කණ්ඩයම සමත් විය. මෙවර තරගාවලියේදී දිල්ලි කණ්ඩායම ලැබූ හයවැනි ජය මෙන්ම රාජස්ථාන් කණ්ඩායම ලැබූ තෙවැනි පරාජයද මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 222 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් කණ්ඩායමට ඕවර 20 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 201 ක් පමණි. නායක සංජු සැම්සන් පන්දු 46 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමග වේගවත් ලකුණු 86 ක් රැස්කළ නමුත්, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 221 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරුවන් වූ ජේක් ෆ්‍රේසර් (50) සහ අභිෂේක් පෝරල් (65) අර්ධ ශතක ලබමින් දිල්ලි ඉනිම ගොඩනැගූහ. පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 60 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.

පන්දු 20 කදී වාර්තා වූ ෆ්‍රේසර්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත වූ අතර පන්දු 36 කදී වාර්තා වූ අභිෂේක්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය. පන්දු 20 කට මුහුණදුන් ටි්‍රස්ටන් ස්ටබ්ස් ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 221 
(ජේක් ෆ්‍රේසර් 50, අභිෂේක් පෝරල් 65, රිෂාබ් පාන්ට් 15, අක්සර් පටේල් 15, ටි්‍රස්ටස් ස්ටබ්ස් 41, ගුල්බදීන් නයිබ් 19, රවිචන්ද්‍රන් අෂ්වින් 24/3) 

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 201 
(ජොස් බට්ලර් 19, සංජු සැම්සන් 86, රියාන් පරාග් 27, ශුබම් ඩුබේ 25, කුල්දීප් යාදව් 25/2, මුකේෂ් කුමාර් 30/2, ඛලීල් අහමඩ් 47/2) 
 
-036

 


අදහස් (0)

දිල්ලි ක්‍රීඩකයෝ රාජස්ථාන් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.