Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිල්ෂාන් - දුනිත් - සහන් සිම්බාබ්වේ යති

දිල්ෂාන් - දුනිත් - සහන් සිම්බාබ්වේ යති

editorial - 2023 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහිදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයන් ලෙස එක්වීමේ අරමුණින් දිල්ෂාන් මධුසංඛ, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ අනිද්දා (22 වැනිදා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. 

ඔවුන් තිදෙනා එළඹෙන 23 වැනිදා කණ්ඩායම සමග එක්වනු ඇත. ඉකුත්දා පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිලකට අළෙවි වූ වමතින් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින තරග 2 කදී කඩුලු 2 ක්ද, විස්සයි-20 තරග 11 කදී කඩුලු 12 ක්ද බිඳහෙළා ඇත. 

වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ එක්දින ජාත්‍යන්තර තරග 9 කදී කඩුලු 9 ක් දවාගනිමින්, ලකුණු 109 ක් රැස්කර ගෙන ඇති අතර තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ දේශීය එක්දින තරග 66 කදී ලකුණු 1454 ක් රැස්කරමින් බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 38 කි. 

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘බී’ යටතේ සහභාගි වූ පළමු තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 175 ක දැවැන්ත ජයක් ලබූ ශ්‍රී ලංකාව, සිකුරාදා (23 වැනිදා) ඕමානයට එරෙහිව සිය දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි. ඊයේ (19 වැනිදා) පැවැති තරගයකදී අයර්ලන්තයට එරෙහිව පෙරළිකාර ජයක් වාර්තා කළ ඕමානය මේ වන විට ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.

 


අදහස් (0)

දිල්ෂාන් - දුනිත් - සහන් සිම්බාබ්වේ යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.