Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති ලෝක කුසලාන තරගයේදී තුවාල ලද දුෂ්මන්ත චමීරගේ ස්ථානය වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත නම්කර තිබේ.
කසුන් රාජිතගේ ඇතුළත් කිරීම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුවෙන් අනුමත විය යුතුව තිබේ.
කසුන් රාජිත හැකි ඉක්මනින් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සූදානම් වෙමින් සිටී.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජය්‍ය අතර ඊයේ (18 වැනිදා) ජිලෝන්ග් හිදී පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගත් දුෂ්මන්ත චමීර තමාගේ අවසන් ඕවරය යවද්දී පාදයේ වළලුකර ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගියේය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් තේරීමේ වටය තවමත් නිමා වී නැතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකුටම තුවාල වීම නිසා කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුව තිබේ.
පාදයේ කලව මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුශංක කණ්ඩායමෙන් ඉවත් විය. ඔහු වෙනුවට බිනුර ප්‍රනාන්දු ආදේශ කරන ලදි. දෙවැනි තරගයේදී තුවාල ලද දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ආදේශ කර ඇත.
විස්සයි-20 ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය හෙට (20 වැනිදා) නෙදර්ලන්ත පිලට එරෙහිව පැවැත්වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.