Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දුෂාන්ගේ දක්කම් සෙබස්තියනයිට්ස් දිනවයි
අන්තර් සමාජ මේජර් ලීග්

දුෂාන්ගේ දක්කම් සෙබස්තියනයිට්ස් දිනවයි

editorial - 2023 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ මේජර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමටද සෙබස්තියනයිට්ස් කණ්ඩායමට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කයක් හඹාගිය සෙබස්තියනයිට්ස් ක්‍රීඩකයෝ, ඕවර 39.4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ දුෂාන් විමුක්ති පන්දු 95 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 75 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

නායක ප්‍රමෝද් මධුවන්ත (50) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 130 කදී ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැගූ දුෂාන්, ඉන් නොනැවතී සචිත ජයතිලක (නොදැවී 39) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සෙබස්තියනයිට්ස් පිල ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් රාගම කණ්ඩායම ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 231 ක් ලබාගත් අතර එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට ජනිත් ලියනගේ සමත් විය. පන්දු 74 කට මුහුණදුන් ජනිත් හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසුවේය. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුෂාන් විමුක්ති නිලකුණු ඕවරයක් සමග ඕවර 10 ක් යවමින් ලකුණු 24 කට කඩුලු 4 ක් දවාගත් අතර රාගම පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඉසිත විජේසුන්දර ලකුණු 38 කට කඩුලු 2 ක් බිඳහෙළීය. 


රාගම පිල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 231 
(නිෂාන් මධුෂංක 30, යොහාන් ලියනගේ 48, ජනිත් ලියනගේ 86, සන්තුෂ් ගුණතිලක 23, දුෂාන් විමුක්ති 24/4, ඉසිත විජේසුන්දර 38/2) 

සෙබස්තියනයිට්ස් පිල - ඕවර 39.4 කදී කඩුලු 4 ක් දැවී 234  
(රවිජ සඳරුවන් 40, දුෂාන් විමුක්ති නොදැවී 75, ප්‍රමෝද් මධුවන්ත 50, සචිත ජයතිලක නොදැවී 39) 


අදහස් (0)

දුෂාන්ගේ දක්කම් සෙබස්තියනයිට්ස් දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.