Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවති 15 වැනි ‘ගජබා සුපර් ක්‍රොස්’තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට උෂාන් පෙරේරා සමත් විය.
මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමටද උෂාන් නියෝජනය කළ ‘සියැට්’ කණ්ඩායම සමත් වූ අතර එහිදී ඔහුගේ කණ්ඩායම් සඟයා ලෙස මාලික කුරුවිටාරච්චිද කණ්ඩායම් කළමනාකරු ලෙස තරිඳු මිහිරක මහතාද කටයුතු කළහ.
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ අදියර දෙකම ඉතා විශිෂ්ට ලෙසින් ජයගනිමින් උෂාන් පෙරේරා තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත් විය.
|
එම තරග දෙකේ දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා පසිඳු පීරිස්, දිනේෂ් ජයවර්ධන, ජනක ඩයස්, සජාඞ් සුහේර් සහ ඉෂ්රාක් වහබ් අතර ඉතා තියුණු තරගයක් පැවැත්විණ. එහිදී පළමු තරගයේ තෙවැනි ස්ථානය සහ දෙවැනි තරගයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට පසිඳු පීරිස් සමත් වූ අතර පළමු තරගයේ දෙවැනි ස්ථානය සහ දෙවැනි තරගයේ තෙවැනි ස්ථානය දිනාගනු ලැබුවේ දිනේෂ් ජයවර්ධන විසිනි.
උෂාන් ගජබා සුපර් ක්‍රොස් තරගාවලියක දක්ෂතම රියැදුරා බවට පත් වූ පළමු අවස්ථාව මෙය වන අතර මෙම ජයග‍්‍රහණයත් සමගින් සියැට් - ස්ලාඩා ශූරතාවලියේ මෙතෙක් පැවැති මෝටර් රථ තරගාවලි 5 න් 4 කදීම (නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය හැර) දක්ෂතම රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට ඔහු සමත් වී ඇත.
එස්. එල්. එන්. ෆෝඞ් ලේසර්/මැස්ඩා කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා තරගය සහ සි. ධා. 1500 දක්වා තරගය) තරග දෙකෙන්ම ජය ලැබූ කුෂාන් පීරිස්, මෙවර තරගාවලියේදී මෝටර් රථ අංශයේ ද්විත්ව ජයග‍්‍රහණයක් වාර්තා කළ දෙවැනි කී‍්‍රඩකයා (පළමු වැනියා උෂාන් පෙරේරා) බවට පත් විය.
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය ගැනීමට ඉර්ෆාන් ෆෝඞ් සමත් වෙද්දී එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ ජයගැනීමට සජාඞ් සුහේර් සමත් විය.
ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ‍්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළ අතර තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.
මෙවර තරගාවලියට මෝටර් රථ තරග 11 ක් ඇතුළත් වූ අතර ඒ සඳහා මෝටර් රථ රියැදුරෝ 88 ක් සහභාගි වූහ. ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.
තරග ප‍්‍රතිඵල
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ
1 ඬේවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000)
2 සචිත් පතිරණ (නිසාන් මාර්ච් 1000)
3 යසිත් ගමගේ (නිසාන් මාර්ච් 1000)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 දිනේෂ් ජයවර්ධන (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
2 රන්දික නිරෝෂන් (ෆෝඞ් ලේසර් 1300)
3 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 ඉර්ෆාන් ෆෝඞ් (හොණ්ඩා ඊ. ජී. VI, 1600)
2 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1600)
3 ශෙහාරා ජයවර්ධන (හොණ්ඩා ඊ. ජී. VI 1600)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 දිනේෂ් ජයවර්ධන (මිට්සුබිෂී එවොලූෂන් 2000)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1500)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
3 රන්දික නිරෝෂන් (මැස්ඩා ෆැමිලියා 1500)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ
1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. II 1500)
2 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1500)
3 ග්ලේන් ජයසේකර (හොණ්ඩා සිවික් 1500)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ
1 සචිත් පතිරණ (නිසාන් ඊ. ආර්. එස්. 1040)
2 මයිකල් විජේසූරිය (ටොයොටා විට්ස් 1000)
3 අජිත් කීර්ති (ඔස්ටින් මිනි 1050)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
1 ටිරෝන් හෙඳවිතාරණ (සුබාරු ලෙගාසි 2200)
2 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
3 චමින්ද වීරසූරිය (සුබාරු ලෙගාසි 2200)
ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ
1 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී එවොලූෂන් 3000)
2 බුද්ධික රුක්ලන්ත (මිට්සුබිෂී පෙජරෝ 2800)
3 ඉන්දු සමරකෝන් (මිට්සුබිෂී පෙජරෝ 2800)
|
|
|
|
|
ගජබා සුපර් ක්‍රොස් මෝටර්රථ තරගාවලියේ විශේෂ අවස්ථා ...
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.