Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කළන පෙරේරාගේ (57/5) සහ ඩෙලන් පීරිස්ගේ (40/4) පන්දු යැවීම හමුවේ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 139 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික ක්‍රිකට් තරගයේදී පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් රාජකීය විද්‍යාලයට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178 ක් පමණි.
තරගයේ පළමු දිනය වූ ඊයේ (9 වැනිදා) ක්‍රීඩාව අවසන් වනවිට ශාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩක කළන පෙරේරාගේ පන්දු යැවීම හමුවේ අසරණවී සිටි රාජකීය විද්‍යාලය ලකුණු 33 කට කඩුලු 3 ක් අහිමිකරගෙන සිටියද පළමු ඉනිමේදී ලකුණු 12 ක වාසියක් අත්කර ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවූහ.
රාජකීය විද්‍යාලීය කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටින අතරතුර ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය මිනිත්තු 120 ක පමණ කාළයක් නතර කිරීමට සිදුවූ අතර අද දිනයේදී යැවීමට හැකිවූයේ ඕවර 68 ක් පමණි.
තරගයේ දෙවැනි දිනය වූ අද (10 වැනිදා) අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක්‍රීඩාව අවසන් කරන විට පන්දුවට පහරදෙමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කිසිවකු නොදැවී ලකුණු 03 ක් ලබාසිටියේය. මේ අනුව රාජකීය විද්‍යාලය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 9 ක් පසුපසින් සාන්ත තෝමස් විද්‍යාලය පසුවන්නේය.
‘නිල් මහ සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය තුන්දින තරගයක් වන අතර හෙට (11 වැනිදා) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.
සා.තෝමස් විද්‍යාලය - ඕවර 64.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 166
(සිතාර හපුහින්න 34, මන්තිල විජේරත්න 24, මනුල පෙරේරා 43/5)
රාජකීය විද්‍යාලය - ඕවර 75 කදී සියලුදෙනා දැවී ලකුණු 178
(පසිඳු සූරියබණ්ඩාර 46, කවිඳු මදරසිංහ 37, දිමල් විජේසේකර 23, කළන පෙරේරා 57/5, ඩෙලන් පීරිස් 40/4)
සා.තෝමස් විද්‍යාලය - ඕවර 6 කදී කිසිවකු නොදැවී ලකුණු 03
රාජකීය - තෝමස් ‘නිල් මහ සටන‘ මහක්‍රිකට් තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.