Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් කොදෙව්වන්ට

දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් කොදෙව්වන්ට

Nisanka Sandeepani - 2019 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය කඩුලු 10 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (2 වැනිදා) සමත්විය. තවත් තරගයක් ඉතිරිව තිබියදිම තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජයගත් කොදෙව්වෝ 2-0 ක් ලෙස ඉදිරියෙන් පසුවන්නේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 14 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායම කිසිවකු නොදැවී පහසුවෙන් ඉලක්කය පසුකිරීමට සමත්විය.

දෙවැනි දිනය නිමාවන විට කඩුලු 6 ක් දැවී ලකුණු 272 ක් රැස්කර සිටි කොදෙව් කණ්ඩායමට තෙවැනි දිනයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 306 ක් පමණි.

ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ මොයින් අලී කඩුලු 3 බැගින්ද බෙන් ස්ටෝක්ස් සහ ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 2 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කොදෙව් කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 119 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තයට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 132 ක් පමණි.

ලකුණු 24 ක් රැස්කළ ජොස් බට්ලර් එංගලන්ත දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසුකිරීමට කොදෙව් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

ජේසන් හෝල්ඩර් සහ කෙමාර් රෝච් කඩුලු 4 බැගින් දවාගනිමින් එංගලන්ත දෙවැනි ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ. අල්සාරී ජෝසප් කඩුලු 2 ක් දවාගත්තේය.

එංගලන්ත පළමු ඉනිම - සියලුදෙනා දැවී 187
(ජොනී බෙයාර්ස්ටෝ 52, මොයින් අලී 60, බෙන් ෆෝක්ස් 35, කෙමාර් රෝච් 30/4, ශැනන් ග්‍රේබ්්‍රයල් 45/3, අල්සාරී ජෝසප් 38/2)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලුදෙනා දැවී 306
(ක්‍රෙග් බ්‍රැත්වේට් 49, ජෝන් කැම්බල් 47, ශායි හෝප් 44, ඞ්වයින් බ්‍රාවෝ 50, ශිම්රන් හැට්මයර් 21, ශේන් ඩව්රිච් 31, ජේසන් හෝල්ඩර් 22, ස්ටුවර්ට් බ්‍රෝඞ් 53/3, මොයින් අලී 62/3, බෙන් ස්ටෝක්ස් 58/2, ජේම්ස් ඇන්ඩර්සන් 73/2)

එංගලන්ත දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 132
(ජොස් බට්ලර් 24, ජේසන් හෝල්ඩර් 43/4, කෙමාර් රෝච් 52/4, අල්සාරී ජෝසප් 12/2)

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 17


අදහස් (0)

දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් කොදෙව්වන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.