Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවැනි සිවුදින තරගය විසදුමකින් තොරයි

දෙවැනි සිවුදින තරගය විසදුමකින් තොරයි

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී අද (21) අවසන් වූ දෙවැනි තරගය විස`දුමකින් තොරව අවසන් විය. ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල 1-0 කින් ලෙස මේ වන විට තරගාවලියේ පෙරමුණේ රැුදී සිටියි.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද පස්වරු 4.50 ට පමණ තරගය අවසන් කරන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිමේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 161 ක් ලබා සිටියේය.

නිරෝෂන් දිල්වැල්ල (24) සහ තරිදු කෞෂාල් (33) අටවැනි කඩුල්ලට ලකුණු 39 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

ජාතික කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ නික්මයාමෙන් පසුව කණ්ඩායමට කැදවීමට තේරීම් කමිටුව පිඹුරුපත් සකස් කරමින් සිටින ජෙහාන් මුබාරක් නැවතත් ආසාර්ථක වෙමින් ලකුණු 17 කට දැවී ගියේය. හයවැනි කඩුල්ල ලෙස මුබාරක් දැවී යෑමත් සමග ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට ආරක්‍ෂාකාරිව පන්දුවට පහර දෙන ලෙස ක‍්‍රීඩාගාරයෙන් පණිවුඩය යැවිණි.

මුබාරක් සූරියවැව තරගයේ පළමු ඉනිමේදී ලකුණු 25 කට දැවී ගිය අතර දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරු ලෙස නොදැවී ලකුණු 21 ක් රැස් කළේය. මුබාරක් මෙම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 6 කට දැවී ගියේය.  

අෂාන් ප‍්‍රියංජන් සිවුවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 9 ක් ලබා සිටියදී දැවී ගියේය.

තරගයේ සිවුවැනි සහ අවසන් දිනය වූ අද (21) ක‍්‍රීඩාංගණයේ තෙත බරිත ස්භාවය හේතුවෙන් තරගය පස්වරු 2.45 ට  ඕවර 45 ක් යැවීමට ආරම්භ කළේය. විනිසුරුවෝ අවස්ථා හතරකදී ක‍්‍රීඩාංගණය පරීක්‍ෂා කළ අතර පස්වරු 2.00 ට කළ අවසන් පරීක්‍ෂණයෙන් පසුව තරගය ආරම්භ කිරීමට තීරණය කළහ.

ක‍්‍රීඩාංගණයේ වල්පොළ අන්තයේ හතරේ සීමාව අසළ මඩ වලවල් කීපයක් පැවැතීම නිසා ආරම්භ කිරීමට ප‍්‍රමාද විය. තණතීරුව ප‍්‍රදේශය තරගය පැවැත්වීමට ඉතාමත් සුදුසු තත්ත්වයක පැවැති අතර හතරේ සීමාවේ සහ ඉන් පිටත මඩ සහිත වලවල් දැකිය හැකිවිය. ඒවා මඩ වලවල් වීම නිසා ජලය ඉවත් කිරීමේදී යන්ත‍්‍රවලට හානි වන බව ද ක‍්‍රීඩාංගණ සේවකයෝ පැවසූහ. එම වලවල් ආවරණ යොදා වසා දැමීමට සංවිධායකයෝ කටයුතු කළහ.  

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (20) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 63 ක් රැස්කර ලකුණු 78 ක් ඉදිරියෙන් සිටියේය.

තෙවැනි සහ අවසන් සිවුදින තරගය මේ මස 25 වැනිදා මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ලකුණු පුවරුව


අදහස් (0)

දෙවැනි සිවුදින තරගය විසදුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.