Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවැනි එක්දින තරගයේ ජයත් ඕස්ට්‍රේලියාවට

දෙවැනි එක්දින තරගයේ ජයත් ඕස්ට්‍රේලියාවට

editorial - 2024 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර එංගලන්තයේ ලීඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (21 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 68 ක ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව, දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 270 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට මිචෙල් ස්ටාක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 40.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 202 ක් පමණි. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජෙමී ස්මිත් පන්දු 61 කින් ලකුණු 49 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක්, එංගලන්ත නායක හැරී බෘක්ගේ කඩුල්ලද සමග ලකුණු 52 කට කඩුලු 3 ක් දවාගත්තේය. එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ස්ටාක්ට අනගි සහායක් දුන් ග්ලේන් මැක්ස්වෙල්, ඒරන් ෆින්ච් සහ ජොෂ් හෙසල්වුඩ් කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 44.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 270 ක් ලබාගත් අතර එහිදී නායක මිචෙල් මාෂ් (60) සහ ඇලෙක්ස් කේරි (74) අර්ධ ශතක ලබාගත්හ. පන්දු 59 කදී වාර්තා වූ මාෂ්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක්ද, පන්දු 67 කදී වාර්තා වූ කේරිගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක්ද ඇතුළත් විය. 

ඕස්ට්‍රේලියාව  - ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 270 
(මැතිව් ෂෝට් 29, ට්‍රැවීස් හෙඩ් 29, මිචෙල් මාෂ් 60, මානස් ලැබුෂේන් 19, ඇලෙක්ස් කේරි 74, ඒරන් ෆින්ච් 23, බ්‍රයිඩන් කර්ස් 75/3, මැතිව් පොට්ස් 30/2, ජෙකොබ් බෙතෙල් 33/2, ආදිල් රෂීඩ් 42/2) 

එංගලන්තය - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 202 
(බෙන් ඩකට් 32, ජෙමී ස්මිත් 49, ජෙකොබ් බෙතල් 25, බ්‍රයිඩන් කර්ස් 26, ආදිල් රෂීඩ් 27, මිචෙල් ස්ටාක් 50/3, ග්ලේන් පිලිප්ස් 15/2, ඒරන් ෆින්ච් 26/2, ජොෂ් හෙසල්වුඩ් 54/2) 

-036 


අදහස් (0)

දෙවැනි එක්දින තරගයේ ජයත් ඕස්ට්‍රේලියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.