Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
දිගින් දිගටම පැවැති වර්ෂාව නිසා තේ පානය වන තුරුත් තරගය ආරම්භ කළ නොහැකි වූ බැවින්, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අතහැර දමන ලදි. තරගය අතහැර දමන විට පාකිස්තානුවෝ කඩුලු 2 ක් දැවී ලකුණු 178 ක් ලබා සිටියහ.
අද උදෑසන තරගය ආරම්භ වී විනාඩි 45 කට පමණ පසුව ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව නිසා තරගය නතර කිරීමට සිදුවිය. ඒ වනවිට පාකිස්තානු කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 178 ක් ලබා සිටියේය. අබ්දුල්ලා ශෆීක් (නොදැවී 87) සහ නායක බාබර් අසාම් (නොදැවී 28) ඒ වන විට පිටියේ සිටි පිතිකරුවෝ වූහ.
පළමු වැනි නතර කිරීමෙන් පසුව, පැයකුත් විනාඩි 15 ක් ඇතුළත ධාරාණිපාත වැසි හතරකින් එස්.එස්.සී. ක්‍රීඩාංගණය දියබත් විය. ක්‍රීඩාංගණයේ හතරේ සීමාවෙන් ඇතුළත සියලුම පෙදෙස් වසා දමන විට සිව්වැනි මහ වැස්සත් කඩාවැටී අවසන් වී තිබිණ.
පස්වරු 3.00 ට පමණ ක්‍රීඩාංගණය පරීක්‍ෂා කළ විනිසුරුවරු, දෙවැනි දිනයේ තරගය අතහැර දමන බවට පස්වරු 3.15 ට තීරණය කළහ. තරගය හෙට පෙරවරු 9.45 ට ආරම්භ කිරීමට නියමිතය.
පළමු දිනයේදීම ශ්‍රී ලංකාව ලකුණු 166 කට සීමාකරගත් පාකිස්තානුවෝ දෙවැනි දිනය ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම පසුකර ගියේ කඩුලු 8 ක් රඳවා ගනිමිනි. තරගය නතර කරන විට පාකිස්තානු කණ්ඩායම ලකුණු 12 කින් ඉදිරියට පැමිණ සිටියේය.
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 166 යි
පාකිස්තානය - පළමු ඉනිම කඩුලු 2 ට 178 යි
(අබ්දුල්ලා ශෆීක් නොදැවී 87, බාබර් අසාම් නොදැවී 28)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.