Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දේවින්ද - හේරත් අර්ධ මැරතන් ශූරතා දිනති

දේවින්ද - හේරත් අර්ධ මැරතන් ශූරතා දිනති

Nisanka Sandeepani - 2017 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධ්‍යාපන අමාත්‍යාංශ සංවිධානය කළ ජාතික පාසල් අර්ධ මැරතන් තරගයේ ප්‍රථම ස්ථානය නාරම්මල මයුරපාද විද්‍යාලයේ එල්.ආර්. දේවින්ද දිනාගත්තේය. එහි දෙවැනි ස්ථානය කටුගස්තොට රාහුල මහා විද්‍යාලයේ ඒ.ඩී.සී.ඩී. අල්විස් හිමිකර ගත් අතර තුන්වැනි ස්ථානය නිකවැරටිය මහසෙන් විද්‍යාලයේ කේ.පී.එස්. කේ. සිරිවර්ධනට හිමිවිය.

කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ එච්.එම්.බී.ඒ. හේරත් දිනාගත් අතර දෙවැනි ස්ථානය මහාමායා බාලිකා විද්‍යාලයේ පී.ජී. ඩිලානි විජේරත්නද,  තුන්වැනි ස්ථානය නාලන්දා මහා විද්‍යාලයේ කේ.ජී.එල්. නෙත්මිණි හිමි කර ගත්හ. 

කිලෝ මීටර 5 ක දුරකින් යුත් මිනි මැරතන් තරගයේ ප්‍රථම ස්ථානය ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් නිකවැහැර කනිෂ්ඨ විද්‍යාලයේ ඒ.ජී. ජයසිංහ විසින් හිමිකර ගන්නා ලදී.

එහි දෙවැනි ස්ථානය වලල මධ්‍ය මහා විද්‍යාලයේ කේ.එච්.ජී.ඕ. ද සිල්වාත්, තෙවැනි ස්ථානය සබරගමුව පළාතේ රත්නදිවෙල විද්‍යාලයේ ජී.ආර්.ඩී. විජේසූරිය හිමිකර ගත්හ. 

කාන්තා මිනි මැරතන් තරගයේ ප්‍රථම ස්ථාන තුනම වලල මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩිකාවෝ හිමිකර ගත්හ. එහි ප්‍රථම ස්ථානය බී.එම්.අයි.එම්.කේ. බස්නායක දිනාගත් අතර දෙවැනි ස්ථානය එම්.එම්.සී.එස්. හේරත්ටත් තෙවැනි ස්ථානය කේ.එම්.ජේ.එම්. කනකරත්නටත් හිමිවිය. 

මෙම තරග සෙනසුරාදා දඹුල්ල නගරයේදී පැවැත්විණ. මෙම තරගය සඳහා වයඹ පළාත, සබරගමුව පළාත සහ මධ්‍යඹ පළාත යන පළාත්වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2500ක් පමණ සහභාගි වී සිටියහ. ජාතික පාසල් මැරතන් ධාවන තරගය සඳහා නෙස්ටමෝල් ආයතනය අනුග්‍රහය ලබා දී තිබිණි.

 

ඡායාරූප - කාංචන කුමාර ආරියදාස


අදහස් (0)

දේවින්ද - හේරත් අර්ධ මැරතන් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.