Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන දශක ගණනාවක් ගෙවී ගියද අනාගතයේදී කවදා හෝ දවසක කතා බහට ලක්වන ක්‍රීඩකයන් රැසක් ඉන්දියාවෙන් බිහිවී තිබේ. කපිල් දේව්, සුනිල් ගවස්කාර්, සචින් තෙන්ඩුල්කාර්, මහේන්ද්‍ර සිං දෝනි සහ විරාට් කෝලි ඒ අතර ප්‍රධාන තැනක් ගනිති. නුදුරු අනාගතයේදී එම ක්‍රීඩකයන් ගොන්නට එක්වීමට නියමිත තවත් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රිකට් විචාරකයෝ රිෂාබ් පාන්ට් හඳුන්වති.
තවමත් 20 වැනි වියේ පසුවන පාන්ට් කඩුලු රකින පිතිකරුවකු ලෙස ඉන්දීය ජාතික කණ්ඩායමේ දොරටුව අබියස සිටියි. 2017 වසරේ පෙබරවාරි මාසයේදී එංගලන්තයට එරෙහිව ඉන්දියාව වෙනුවෙන් විස්සයි20 වරම් දිනාගත්තද, ඔහු තමවත් ක්‍රීඩා කර ඇත්තේ විස්සයි20 අන්තර්ජාතික තරග 4 කට පමණි.
නූතන ක්‍රිකට් ක්‍රීඩාවේදී ඉන්දියාවේ සාර්ථකම නායකයා ලෙස හැදින්වෙන මහේන්ද්‍ර සිං දෝනි මේ වන විට නායකත්වයෙන් සමුගෙන සිටියද, කඩුලු රකින පිතිකරුවකු ලෙස ඔහු තවදුරටත් සාර්ථක වීම නිසා රිෂාබ් පාන්ට්ට ඉන්දීය කණ්ඩායමට ඇතු්වීමට ඇති ඉඩ කඩ ඇහිරී ගොස් තිබේ.
2016 වසරේදී පැවැති යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වයස 19 න් පහළ ක්‍රීඩකයකු ලබාගත් වේගවත්ම අර්ධ ශතකය ලබාගැනීමට සමත් වීමත් සමග පාන්ට් වැඩිදෙනා අතර කතාබහට ලක්වීය. එම වසරේම අග භාගයේදී රංජි කුසලාන තරගාවලියට සහභාගි වූ ඔහු එම තරගාවලියේ ඉනිම් 12 ක් තුළදී ලකුණු 972 ක් රැස්කළේ ලකුණු 81.00 ක සාමාන්‍යක් රඳවා ගනිමිනි.
2017 වසර ආරම්භ වනවාත් සමග පාන්ට්ට පළමු වරට ඉන්දීය විස්සය20 කණ්ඩායමට කැඳවීමක් ලබූණ අතර ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වූයේ තරගයක් සඳහා පමණි. එම තරගයේ අවසන් ඕවර කිහිපය තුළ පන්දුවට පහරදීමට ගිය පාන්ට්, තරගය නිමාවන විට පන්දු 3 කදී ලකුණු 5 ක් ලබා නොදැවී සිටියේය.
රංජි කුසලාන තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් ඔහුට 2017 වසරේ පැවැති විජය හසාරේ කුසලාන තරගාවලියේ දිල්ලි කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාවද හිමිවිය. එම තරගාවලියේදී ලැබූ පන්නරයත් සමග පළමු වරට අයි.පී.එල්. තරගාවලියට එක්වූ පාන්ට් එහිදී ඉනිම් 14 ක් තුළ ලකුණු 366 ක් රැස්කළේ ලකුණු 26 ක සාමාන්‍යක් සහ 150 කට වැඩි ලකුණු රැස්කිරීමේ වේගයක්ද රැඳවාගනිමිනි.
අයි.පී.එල් තරගාවලියෙන් අනතුරුව ඉන්දිය කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පාන්ට් කැඳවනු ලැබූවද එහිදී ඔහුට එකම එක්දින තරගයකට හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය. කෙසේ වුවත් එම තරගාවලිය අවසානයේ පැවැති විස්සය20 තරගයේදී පාන්ට්ට කණ්ඩායමේ ස්ථානයක් හිමි වූ අතර එහිදී පන්දු 32 කට මුහුණදුන් ඔහු හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 38 ක් රැස්කළේය.
මේ වසරේදී (2018) සහභාගි වූ පළමු පෙළ තරගවලදී ඉනිම් 5 ක් තුළ 42.40 ක සාමාන්‍යයක් රඳවාගනිමින් ලකුණු 212 ක් රැස්කරගෙන සිටින පාන්ට්, තමා නායකත්වය දරන දිල්ලි කණ්ඩායම රංජි කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය කරා රැගෙන යෑමටද සමත් විය. විජයවාදාහිදී පැවැත්වෙන එම අර්ධ අවසන් පූර්ව තරගයේදී මධ්‍ය ප්‍රදේශ කණ්ඩායමට එරෙහිව දිල්ලි කණ්ඩායම තරග වැදීමට නියමිතය.
මෙවර අයි.පී.එල්. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්ව සිටින පාන්ට්, මේ දක්වා සහභාගි වී ඇති තරග 11 දී ඉනිම් 11 ක් තුළ ලකුණු 521 ක් රැස්කිරීමට සමත්ව සිටියි. මෙවර තරගාවලියේ එකම ශතක ලාභියා බවටද පත්ව සිටින පාන්ට්, අර්ධ ශතකය 3 කටද හිමිකම් කියයි. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පන්දු 63 කදී නොදැවී රැස්කළ ලකුණු 128 පාන්ට්ගේ ඉහළම විස්සයි20 ඉනිම වේ.
පාන්ට්ගේ මෙම දස්කම් දෙස බලන කළ මහේන්ද්‍ර සිං දෝනිගෙන් පසුව කඩුලු රකින පිතිකරුවා ලෙස ඉන්දීය කණ්ඩායමට එක්වීමට ඔහුට වැඩි කාලයක් බලා සිටීමට සිදු නොවනු ඇත.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.