Last Update  :  2025-04-21 20:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධවාන් - විලියම්සන් හයිද්‍රාබාද් පිල දිනවති

ධවාන් - විලියම්සන් හයිද්‍රාබාද් පිල දිනවති

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 42 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර දිල්ලිහි ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක් පහසු ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 18.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී ආරම්භක පිතිකරු ශිකර් ධවාන් (නොදැවී 92) සහ නායක කේන් විලියම්සන් (නොදැවී 83) අර්ධ ශතක ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.

පන්දු 50 කට මුහුණදුන් ධවාන් හයේ පහර 4 කින් සහ හතරේ පහර 9 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 53 කදී වාර්තා වූ විලියම්සන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය. ඔවුන් දෙදනා එක්ව හයිද්‍රාබාද් කණ්ඩාමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 102 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 176 කි.

හයිද්‍රාබාද් කණ්ඩායමේ බිඳවැටුණ එකම කඩුල්ලට හිමිකම් කීමට හර්ෂාල් පටේල් සමත් වූ අතර ඔහුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී යන විට ඇලෙක්ස් හේල්ස් ලබා සිටියේ ලකුණු 14 ක් පමණි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම වෙනුවෙන් අගනා ශතකයක් ලබාගැනීමට රිෂාබ් පාන්ට් (නොදැවී 128) සමත් විය. පාන්ට්ගේ ශතකය හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් රැස්කිරීමට දිල්ලි කණ්ඩායමට හැකි විය.

සෙසු පිතිකරුවන් අඩු ලකුණුවලට දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් පාන්ට්, පන්දු 63 කදී වාර්තා වූ සිය ශතකය හයේ පහර 7 කින් සහ හතරේ පහර 15 කින් අලංකාර කළේය. ග්ලේන් මැක්ස්වෙල් (9) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩගැනීමටද පාන්ට් සමත් විය.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 187
(රිෂාබ් පාන්ට් නොදැවී 128, හර්ෂාල් පටේල් 24, සකීබ් අල් හසන් 27/2)

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම - ඕවර 18.5 කදී කඩුල්ලක් දැවී 191
(ශිකර් ධවාන් නොදැවී 92, කේන් විලියම්සන් නොදැවී 83)

-036

 


අදහස් (0)

ධවාන් - විලියම්සන් හයිද්‍රාබාද් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.