Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධාවන පථය ඇතිරීමට යළි ටෙන්ඩර් කැඳවයි

ධාවන පථය ඇතිරීමට යළි ටෙන්ඩර් කැඳවයි

ශනුක අරවින්ද - 2017 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ කෘත‍්‍රිම ධාවන පථය නැවත එළීම සදහා නැවතත් මිල ගණන් කැදවීමට කැබිනට් මණ්ඩලය තීරණය අද (10) තීරණය කළේය. ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එම ටෙන්ඩරය පිළිබද ගැටලූව කැබිනට් මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කළ අතර එහිදී ජනාධිපති අභියාචනා මණ්ඩලයේ නිර්දේශය අනුව නැවත ටෙන්ඩර් (මිල ගණන්) කැදවීමට තීරණය කර තිබේ.

කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ කෘත‍්‍රිම ධාවන පථය නැවත ඇතිරීම සදහා පසුගිය වසරේ ඔක්තෝබර් මස ටෙන්ඩර් කැදවා ඒ සඳහා සමාගමක් තෝරාගෙන තිබූ අතර ඒ සදහා විරෝධතා එල්ල වීම හේතුවෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා එය අවලංගු කිරීමට පියවර ගත්තේය. ටෙන්ඩර් නැවත කැදවා කෘත‍්‍රිම ධාවන පථය එළීම සදහා තවත් මාස 6 කට අධික කාලයක් ගතවනු ඇති බව ද වාර්තා වේ.

ටෙන්ඩර් නැවත කැදවා ධාවන පථය එළීම සදහා දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් ඊළග ටෙන්ඩර්කරු තෝරා ගැනීමට ක‍්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබුණ ද ජනාධිපති අභියාචනා මණ්ඩලයේ තීරණය වූයේ නැවත ටෙන්ඩර් කැදවිය යුතු බවයි.

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් මේ පිළිබදව කළ විමසුමකදී පැවසුවේ ජනාධිපති අභියාචනා මණ්ඩලයේ නිර්දේශය වූ නැවත ටෙන්ඩර් කැදවන ලෙස කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.

‘‘මේ වැඩෙන් වෙන්නේ තවත් මාස හය හතක් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ධාවන පථයක් නැති වෙන එකයි. දැන් කරන්න දෙයක් නෑ’’ යැයි අමාත්‍යවරයා පැවසීය.

මීට පෙර ටෙන්ඩර් කැදවීම කළ ටෙන්ඩර් මණ්ඩලයේ කිසියම් අක‍්‍රමිකතාවක් තිබේද යැයි කළ විමසුමේදී අමාත්‍යවරයා පැවසුවේ එහෙම දෙයක් නොමැති බවත් සමාගම් දෙකක් අතර ප‍්‍රශ්නයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවයි.

‘‘ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනස් කරනවා. ඒ වගේම නිලධාරීන් කීප දෙනෙකුත් මාරු කරන්න වෙයි. මේ සමාගම් දෙක අතර තියෙන ගැටුම මම කැබිනට් මණ්ඩලේදීත් කිව්වා. මේක අවාසනාවන්ත තත්ත්වයක්’’ යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් පළමු ටෙන්ඩර් කැදවීමේදී එක පාර්ශවයකට වාසිදායක වගන්ති ඇතුළත්කර තිබූ බවට මෙන්ම ඇතැම් ටෙන්ඩර්කරුවන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කර තිබූ බවට ද චෝදනා එල්ල වී තිබුණි.   

සුගතදාස ක‍්‍රීඩාංගණයේ ධාවන පථයේ ගැටලූව විස`දීමට රජයෙන් රුපියල් මිලියන 500 කට අධික මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇති බව වාර්තා වේ.     

 


අදහස් (0)

ධාවන පථය ඇතිරීමට යළි ටෙන්ඩර් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.