Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී බුවනෙක ගුණතිලක හමුවේ වට 2-1 ක් ලෙස පරාජය වීම නිසා නිලූක කරුණාරත්නට වසර 16 කට පසුව ජාතික බැඩ්මින්මින්ටන් ශූරතාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම ඉවත් වීමට සිදුවිය.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 66 වැනි ජාතික බැඩ්මින්ටන් තරගාවලිය මේ දිනවල රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහි හෙට (2 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගයකදී නිලූකගේ සොහොයුරු දිනූක කරුණාරත්නට එරෙහිව බුවනෙක තරග බිමට පිවිසීමට නියමිතය.
ඉතා තියුණු සටනකින් අනතුරුව නිලූකට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු වටය ලකුණු 24-22 ක් ලෙස ජයගැනීමට බුවනෙක සමත් විය. එහෙත් සිය අත්දැකීම් මනාව ප්‍රයෝජනයට ගනිමින් දෙවැනි වටය ලකුණු 21-17 ක් ලෙස ජයගත් නිලූක 1-1 ක් ලෙස තරගය සම තත්වයට පත් කළේය.
දෙදෙනාටම තීර්ණාත්මක වූ තෙවැනි වටය ලකුණු 18-12 ක් ලෙස පෙරමුණ ගැනීමට බුවනෙක සමත්ව සිටියදී, නිලූක තරගයෙන් ඉවත්වීම නිසා බුවනෙකට ඉන් වට 2-1 ක ජයක් හිමිවිය.
මේ අතර අද (1 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරමට දිනූක කරුණාරත්න, දිලූක කරුණාරත්න සහ රන්තුෂ්ක සසිඳු යන ක්‍රීඩකයෝ සමත් වූහ. දිලූක කරුණාරත්න සහ රන්තුෂ්ක සසිඳු අතර අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයද හෙට පැවැත්වීමට නියමිතය.
අර්ධ අවසන් පූර්ව වටයේදී විරේන් නෙත්තසිංහ පරාජය කරමින් දිනූකද, චිරාන් සුධීර පරාජය කරමින් දිලූකද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. සසිඳු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී සචින් ඩයස් පරාජය කරමිනි.
තරගාවලියේ සෙසු කාණ්ඩවල අර්ධ අවසන් පූර්ව තරග සහ අවසන් පූර්ව තරග හෙට පැවැත්වෙන අතර අවසන් දිනය වන අනිද්දා (3 වැනිදා) අවසන් මහ තරග පැවැත්වීමට නියමිතය. එදින ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයද පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.