Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිල නොවන ටෙස්ට් තරග ඇරඹෙයි

නිල නොවන ටෙස්ට් තරග ඇරඹෙයි

Nisanka Sandeepani - 2019 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක අයර්ලන්ත ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී හෙට (05) සිට පැවැත්වේ. මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (03) කොළඹදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ (සිව්දින) නායක අෂාන් ප්‍රියංජන් මෙසේ අදහස් දැක්වීය.  

“ක්‍රීඩකයන් හැටියට ටෙස්ට් හෝ එක්දින හෝ ඕනෑම තරගයකට අපි සූදානමින් ඉන්න ඕනේ. මම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැන් මට නිල නොවන ටෙස්ට් තරගයක අවස්ථාවක් ලැබී තිබෙනවා”

ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන මහතා පැවසුවේ තම කණ්ඩායම මෙම තරගාවලියට හොඳ සූදානමකින් සිටින බවයි. 

“අපේ කණ්ඩායමට නිත්‍ය පිතිකරුවන් අටක්, වේග පන්දු යවන්නන් හතරක් සහ දඟ පන්දු යවන්නන් තිදෙනෙක් ඇතුළත්ව සිටිනවා”

“මගේ ළඟ ඉන්න ක්‍රීඩකයන් දස්කම් අතරට පැමිණි පසු මම දැනුම් දෙනවා ඒ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට සූදානම් කියලා. ඔවුන් ජාතික කණ්ඩායමට ගිහින් නැවත මා ළඟට එනවට මම කැමති නෑ වගේම මගේ ළඟ වැඩි කාලයක් ඉන්නවටත් මම කැමති නෑ. මොකද එහෙම වුණාම මගේ හැකියාව ගැනත් ප්‍රශ්නයක් මතු වෙනවා” යැයි ගුණවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය. 

අයර්ලන්ත පිලේ පුහුණුකරු පීටර් ජොන්ස්ටන් මහතා පැවසුවේ මෙය තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට අනගි අවස්ථාවක් බවයි. 

“අපේ කණ්ඩායමට අයර්ලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත්ව සිටිනවා. අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් වැඩි සංඛ්‍යාවක් ආසියාවේ ක්‍රීඩා කර නෑ. ඒ නිසා මෙය හොඳ අවස්ථාවක් බවට පත්ව තිබෙනවා” යැයි ජොන්ස්ටන් මහතා වැඩි දුරටත් පැවසීය. 

අයර්ලන්ත ‘ඒ’ පිලේ නායක හැරී ටෙක්ටර් පැවසුවේ තම කණ්ඩායමට මෙම තරගාවලිය හොඳ අවස්ථාවක් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එරෙහිව හොඳින් ක්‍රීඩා කරන්න සැළසුම් කර තිබෙන බවත්ය”

මෙම අයර්ලන්ත ‘ඒ’ සංචාරයට සිව්දින තරග දෙකක් සහ එක්දින තරග පහක් ඇතුළත් වේ. 

 

 


අදහස් (0)

නිල නොවන ටෙස්ට් තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.