Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වූ ඊයේ (1 වැනිදා) නව ශ්‍රී ලංකා වාර්තා 2 ක් පිහිටුවීමට බස්නාහිර පළාතේ ඉෂාර සඳරුවන් සහ දකුණු පළාතේ නිමාලි ලියනාරච්චි සමත් වූහ.
පිරිමි රිටි පැනීමේ ඉසව්වේදි මීටර් 5.10 ක උසක් පනිමින් ඉෂාර සඳරුවන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ අතර නිමාලි ලියනාරච්චි නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවේ කාන්තා මීටර් 800 ඉසව්ව විනාඩි 2:03.50 කින් නිමා කරමිනි.
නිමාලි විසින් ඊයේ බිඳ දමන ලද වාර්තාව වසර 24 ක් පැරණි වාර්තාවක් වන අතර 1992 වසරේ පැවැති බාසිලෝනා ඔලිම්පික් තරගාවලියේදී ධම්මිකා මැණිකේ, විනාඩි 2:03.85 කින් එම ඉසව්ව නිමා කරමින් එහි පැරණි වාර්තාව පිහිටුවා තිබිණ.
තරග ප්‍රතිඵල (පිරිමි)
රිටි පැනීම
1 ඉෂාර සඳරුවන් (බස්නාහිර) - මීටර් 5.10 (නව ශ්‍රී ලංකා වර්තාවකි)
2 කේ. කේ. බාලසූරිය (වයඹ) - මීටර් 4.50
3 කේ. කනතීපන් (උතුර) - මීටර් 4.40
මීටර් 800
1 ඉඳුනිල් හේරත් (ඌව) - තත්ත්පර 1:51.9
2 ඒ. ඩී. කුමාර (බස්නාහිර) - තත්ත්පර 1:52.3
3 සුපුන් ක-ුෂාන්ත (ඌව) - තත්ත්පර 1:52.9
යගුලිය විසිකිරීම
1 සමිත ජයවර්ධන (වයඹ) - මීටර් 14.69
2 ටී. එම්. ආසික් (නැගෙනහිර) - මීටර් 13.79
3 එච්. සී. ෆර්ඩිනෑන්ඩස් (බස්නාහිර) - මීටර් 13.64
දුර පැනීම
1 මොහොමඞ් මිෆ්රාන් (නැගෙනහිර) - මීටර 7.72
2 කේ. එම්. කුමාර (වයඹ) - මීටර් 7.64
3 මධුක ලියනපතිරණ (බස්නාහිර) - මීටර් 7.60
මීටර් 4×100
1 වයඹ පළාත - තත්ත්පර 41.7
2 දකුණු පළාත - තත්ත්පර 41.8
3 සබරගමු පළාත - තත්ත්පර 42.2
තරග ප්‍රතිඵල (කාන්තා)
මීටර් 8-00
1 නිමාලි ලියනාරච්චි (දකුණ) - තත්ත්පර 2:03.5 (නව ශ්‍රී ලංකා වර්තාවකි)
2 ගයන්තිකා අබේරත්න (දකුණ) - තත්ත්පර 2:03.7
3 ඒ. ඩී. සඳකාන්ති (දකුණ) - තත්ත්පර 2:08.4
කවපෙත්ත විසිකිරීම
1 අයේෂා මධුවන්ති (ඌව) - මීටර් 38.20
2 මධුරංගි පෙරේරා (බස්නාහිර) - මීටර් 38.03
3 වී. වී. ලක්මාලි (උතුරු මැද)
දුර පැනීම
1 සාරංගි සිල්වා (බස්නාහිර) - මීටර් 5.99
2 ඒ. ඩී. ධනංජනී (දකුණ) - මීටර් 5.85
3 අංජනී පුලවංස (බස්නාහිර) - මීටර් 5.76
හෙල්ල විසිකිරීම
1 දිල්හානි ලේකම්ගේ (සබරගමුව) - මීටර් 52.01
2 කෞෂල්‍යා ලක්මාලි (දකුණ) - මීටර් 41.67
3 පී. එස්. ක්ලැරන්ස් (ඌව) - මීටර් 40.75
මීටර් 4×100
1 බස්නාහිර පළාත - තත්ත්පර 48.0
2 සබරගමු පළාත - තත්ත්පර 48.5
3 ඌව පළාත - තත්ත්පර 49.6
ඡායාරූප : ඒෂාන් ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.