Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ ලන්ඩන් නුවර දැන් ක්‍රියාත්මක 16 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ 7 වැනි දිනය වන අද (10 දා) ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකා දෙපළක් සිය ඉසව්වල මූලික තරග සඳහා සහභාගී වීමට නියමිතය.
ඒ අනුව අද රාත්‍රී 7. 25 ට(ලන්ඩන් වේලාවෙන්) නිමාලි ලියනාරච්චි මීටර 800 කාන්තා දෙවැනි මූලික තරගයට සහභාගීවීමට නියමිතව ඇති අතර වරුණ ලක්ෂාන් දයාරත්න හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ මූලික වටයට (බී කණ්ඩායමෙන්) රාත්‍රී 8.35 ට සහභාගී වනු ඇත.
මීටර 800 කාන්තා ඉසව්වේ මූලික වටය තරග හයකින් සමන්විත වේ. එහි දෙවැනි මූලික වටය නිමාලි නියෝජනය කිරීමට නියමිතය. අදාල ඉසව්වේ තරග 6කින් සමන්විත මූලික වටයට ක්‍රීඩිකාවන් 54 දෙනෙකු සහභාගීවීමට නියමිතය.
මීටර 800 කාන්තා ඉසව්ව සඳහා ලෝක ශූරතා පරිසාධන මට්ටම මි.2.01.00 ක් වන අතර නිමාලි ලියනාරච්චි එම පරිසාධන මට්ටම ඉක්මවාලීමට අසමත් වුවත් පසුගියදා ඉන්දියාවේ පැවති 22වැනි ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 800 ඉසව්වේ කලාපීය ශූරිය වීම පදනම් කර ගෙන ඇයට මෙවර ලෝක ශූරතා තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවිය.
නිමාලි සිය ඉසව්වෙන් මෙතෙක් දක්වා ඇති හොඳම පෞද්ගලික දක්ෂතා මි.2.02.58 කි. නිමාලි 2015 වසරේ චීනයේ වුහාන් හි පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ සිය ඉසව්ව මි.2.03.94 කින් නිම කර ලෝකඩ පදක්කම දිනා ගත් අතර 2016 වසරේ ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ඇය එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය. එහි දී ඇය සිය ඉසව්ව නිම කළ කාලය මි.2.09.40 කි.
වරුණ ලක්ෂාන් දයාරත්න හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වෙන් දක්වා ඇති උපරිම දක්ෂතාව මීටර 82.19 කි. එහෙත් මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල ඉසව්වේ පිරිමි ශ්‍රේණිගත කිරීම් අනුව (ලෝක ශූරතා තරගාවලියේ අයදුම්පත් භාර ගැනීමට පෙර) වරුණ 32 වැනි ස්ථානයේ සිටි හෙයින් ඔහුට ද මෙවර ලෝක ශූරතා තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවිය.
මේ අතර ලන්ඩන් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ මැරතන් ක්‍රීඩික ක්‍රීඩිකා දෙපලක් වන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහ හිරුණි විජයරත්න සහභාගී වූ නමුත් ඔවුන් දෙදෙනාටම තරගය අවසන් කිරීමට නොහැකි විය.
ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය මෙම 13 දා අවසන් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.